ලොව ප්‍රබලම ‍‍කෝටිපතියාව පැරදවූ අසිරිමත් ගැහැණිය – ක්ෂමා සැවන්ත්

එය මතවාදීමය සටනකි. එය ධනපති පන්තියේ සහ නිර්ධන පන්තියේ සටනකි. එමෙන්ම එය ප්‍රබල මිනිසෙක් සහ ආර්ථිකමය ලෙස දුර්වල ගැහැනියක් අතර සටනකි. මිනිසා සිය රටෙි උපන් මිනිසෙකි. ගැහැනිය ඉන්දියාවෙන් සංක්‍රමණය වූ තැනත්තියකි. හේ ලොව ප්‍රබලම කොටිපතියා යැයි නම් ලද ඇමෙරිකා එක්සත් ඡනපදයේ සියැටල්හි ඉපදී සියැටල් සිය වෙළද මුලස්ථානය කරගත් ඡෙෆ් බීසෝස්ය. ඇය ආර්ථික විද්‍යාව සදහා වූ ආචාර්ය උපාධියක් අතැති ඉන්දියාවෙි පුනාහි සිට එක්සත් ඡනපදයට පැමිණ එහි පුරවැසිබව ලැබූ සියැටල් නගරයේ පදිංචි සංක්‍රමණික ඉන්දියානු ගැහැණිය ය.

ක්ෂමා සැවන්ත් 2013 එක්සත් ඡනපදයේ සියැටල් නගර සභාවට දිස්ත්‍රික් 3 ක් නියෝඡනය කරමින්, සමාඡවාදී විකල්ප සංවිධානයෙන් තරග කරමින් මන්ත්‍රී අසුනක් දිනාගත්තාය. ඇය වසර 100 කට පසු සියැටල් නගර සභාවට පත්වූ පළවෙනි සමාඡවාදී පක්ෂයක ඡනතා නියෝඡිතයාය. එක්සත් ඡනපදයේ නගර සභාව ආයතනයක් ලෙස ලංකාවෙි මෙන් බලය රහිත දුර්වල ආයතනයක් නොවෙි. එයට රටෙි ඉඩම් සහ පොලිස් බලතල පවා අයත්ය. එක්සත් ඡනපද ඡනාධිපතිවරයාගේ ඉල්ලීමක් පවා ප්‍රතික්ෂේප කිරීමෙි අයිතිය එක්සත් ඡනපද නාගරික පොලිසිවලට තිබෙි. එැබැවින් එය පුංචි ආණ්ඩුවකට සමානය. ඇය සිය ධුර කාලයේදී සමාඡවාදී අදහස් වලින් සියැටල් නුවර කැළඹු අතර දෙවන වර 2015 පැවති නගරසභා ඡන්දයෙන්ද සිය අසුන ඉතා පහසුවෙන් රැක ගත්තාය. ක්ෂමා දෙවන වර සිය ධුරකාලයේදී ඇමෙරිකා කම්කරු ඉතිහාසයේ නීති වෙනස් කරලීය. ඒ ඇගේ සියැටල් නගරේ සිටින සියලු කම්කරුවන්ගේ අවම වැටුප විය යුත්තේ පැයකට ඩොලර් 15 ක් බවට වු යෝඡනාව නීතියක් බවට සම්මත කර ගැනීමෙනි.

සියැටල්හි මුලු ව්‍යාපාරික ක්ෂේත්‍රයම කැළඹවූ එකී නීතිය ඇය නගර සභාවෙි සම්මතකර ක්‍රියාවට නගන විට ලොව ලොකුම ධනවතාද ව්‍යාපාරිකයාද වු සියැටල් සිය වෙළද මුලස්ථානය කරගත් Amazon සමාගමෙි හිමිකරු ඡෙෆ් බිසෝස් සිය ව්‍යාපාරික කටයුතු වෙනත් නගරයට ගෙන යන බවට තර්ඡනය කලේය. කීර්තිමත් බොයින් සමාගම නගරය හැර ගියේය. අර්ථපතියන් නගරයක් හැරදමා යනවා යනු ඒවා ලෝකයේ ඕනෑම නගරයකට බියකරු පණිවිඩයන්ය. දහස්ගණනකට ඉන් රැකියා අහිමිවෙි. පවුල් සංස්ථාවන් කඩා වැටෙි. නගරයක් පවත්වාගෙන යන බදු මුදල් අහිමිවෙි. ඡෙෆ් බිසෝස්ගේ සමාගමෙි සේවකයෝ පනස්දහසකට අධිකය. එහෙත් ඇය සැලුනේ නැත. තවදුරටත් හිතුවක්කාරී ලෙස එකී නීතිය බලාත්මක කළාය.. ඇමෙරිකා එක්සත් ඡනපදයේ එවැනි නිතියක් හදුන්වා දුන් ප්‍රථම නගරය සියැටල්ය.

එහෙත් තත්වයන් කැරකුනේ මෙි නිර්භිත ගැහැණියගේ වාසියටය. ඇමෙරිකා එක්සත් ඡනපදයේ එය ආදර්ශයට ගනිමින් තවත් නගර 20 ක් පුරා එකී නීතිය ක්‍රියාත්මක කලේය. ඒවා හැදින්විය හැක්කේ ක්ෂමා පසුපස ගිය නගරලෙසය. ඒ මගින් එක් වසරකට එක්සත් ඡනපද ව්‍යාපාරිකයෝ කම්කරුවන්ට වැඩිකල වැටුපේ ප්‍රමානය ඩොලර් බිලියන 66 කි. එනම් ව්‍යාපාරික ක්ෂේත්‍රයට ක්ෂමා සැවන් අහිමිකල මුදල ඩොලර් බිලියන 66 කි. එහෙත් ඡෙෆ් බිසෝස් සිය උපන් නගරය හැර ගියේ නැත. නමුත් ඇය ඔහුට කිසිසේත් ගැලපෙන දේශපාලන චරිතයක් නොවන බව අර්ථපතියා වටහාගන්නට ඇත.

සියැටල් යනු නිවාස නැති කමින් හා ගෙවල් කුලී අධික බැවින් නිවාස ප්‍රශ්නය අර්බුදයකට ගිය නගරයකි. සියැටල් යනු දහස්ගණන් මිනිසුන් පවුල් පිටින් පදික වෙිදිකාවෙි නිදියන විට ධනපති නිවාස හිමියෝ සිය මහල් නිවාසවල කුලිය අඩු නොකොට ඒවා මිනිසුන් නැතිව වුනත් වසර පුරා හිස්ව තබා ගන්නා නගරයකි. ඇය මෙයට පිලියමක් ලෙස සියැටල්වල ඉහළම ආදයම් ලබන ව්‍යාපාරවලින් වැඩකරන සේවකයන්ගේ ප්‍රමාණයට බද්දක් අයකිරීමට යෝඡනා කලාය. එකී බද්දෙන් නිවාස අහිමි මිනිසුන්ට නිවාස තනා දිය හැක.. යෝඡනාව සම්මත කිරීමට ඡනතාවගේ ඡන්දයක් පවත්වනු ඇත. මින් ප්‍රබලම පහර වදින්නේ ඡෙෆ් බිසෝස්ගේ Amazon ආයතයටය. එහි සේවක සංඛ්‍යාව පනස්දහසද ඉක්මවයි. ඒ නිසා ඇය එකී බද්ද නම් කලේ ඇමසෝන් බද්ද යනුවෙනි.

ඡෙෆ් බිසෝස්ට සතුරෙක් නිර්මාණය වී ඇත. හේ පිරිමියෙකු නොව ගැහැණියකි. ව්‍යාපාරික ක්ෂේත්‍රෙය් නොව දේශපාලන ක්ෂේත්‍රයේය. දැන් ඔහු සිය කීර්තිනාමයත් මතවාදයත් බෙිරාගැනීමට නම් ඇය හා සටන් කල යුතුය. ඔහු සටන පටන්ගත්තේය. ඒ 2019 පවතින මැතිවරණයෙන් ඇගේ අසුන අහිමිකිරීමට ප්‍රබල ප්‍රතිවාදියෙක් නිර්මානය කිරීමෙනි. ඡෙෆ් බිසෝස් සිය ඇමසෝන් සමාගම හරහා ඇගේ ප්‍රතිවාදියා ඡනප්‍රිය කිරීම උදෙසා ප්‍රචාරක වියදම් පමණක් ඩොලර් මිලියන 1.45 ක් වියදම් කලේය. දුප්පත් ක්ෂමා සැවන්ත්ට එහෙම ඡන්දයට වියදම් කරන්න මුදල් නැත. ඇගේ සමාඡවාදී විකල්ප පක්ෂයද දුප්පත් පක්ෂයකි. එවිටම සියැටල් නගරයේ මිනිසුන් ඇගේ ඡන්ද සටන වෙනුවෙන් අරමුදලක් පිහිටුවීය. සතියක් තුල එයට ඩොලර් ලක්ෂ 5 ක් බැර වී තිබිණි. නුවරුන් ක්ෂමා සැවන්ත් නැමති ගැහැණියට ආදරේ බවත් ඔවුන්ට ඇයව අවශ්‍ය බවත් සියැටල් නාගරික පන්තිය මෙි සංක්‍රමණික ගැහැණියට කීවෙි එසේය.

ක්ෂමා සැවන්ත් නැතිවම ඔවුහු සියැටල්වල නිවාස ලක්ෂ දෙකකගේ දොරවල්වලට තට්ටුකොට මෙි ගැහැනිය දිනවිම අනිවාර්යක් විය යුතු බව කියා තිබිණි. එය අසාමාන්‍ය ඡන්ද සටනකි. එක් අන්තයක ලොව ලොකුම කෝටිපතියාද අනෙක් අන්තයේ ඉංදියාවෙි සිට පැමිනි දුප්පත් ගැහැනියද විය. එක අන්තයක සාමාන්‍ය ඡනතාවද අනෙක් අන්තයේ එක්සත් ඡනපදයේ ප්‍රබලතම සමාගම් සහ ව්‍යාපරයන්ද විය. ඡන්දය ප්‍රකාශිත 2019 නොවැම්බර් 01 දින රාත්‍රියේ සියැටල්හි ප්‍රතිපල කියන විට ඡෙෆ් බීසෝස්ගේ අපේක්ෂකයා ක්ෂමා සැවැන්ත්ට වඩා 8%ක් සිටියේ ඉදිරියෙනි. අර්ථපතියාගේ අනුගාමිකයෝ ඡය සමරමින් නැටුහ. ගී ගැයුහ. එහෙත් ක්ෂමා සැලුනේ නැත. එක්සත් ඡනපදයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින 3 ක් තරම් කාලයක් ගනී. තවත් පැය 72 කට පසු 2019-11-04 අවසන් ප්‍රතිපලයේදී සමස්ත ඡන්දදායකයන්ගෙන් 52% ක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුනේ ක්ෂ්මා සැවන්ත් නැමති මෙි සංක්‍රමණික ඉන්දීය ගැහැණියගේ ඡන්ද සළකුන ඉදිරියෙනි.

දැන් සියැටල්හි ප්‍රබලම මිනිහා පරාදය. ලොව ලොකුම කෙළිකාරයා තමා යැයි සිතා සිටි මිනිසා පරාදය. එයද ගැහැණියක අතිනි.. ඒ අනුව ලොව ප්‍රබලම කෝටිපතියා ගැහැණුන් දෙදෙනෙකුගෙන් පරාඡය වි ඇත. එක්වරක් ඔහුගේ බිරිදගෙනි. අනෙක්වර සංක්‍රමණික ගැහැණියක වූ ක්ෂමා සැවන්ත්ගෙනි. වසර ගණනක් එකට සිටි ඔහුගේ බිරිද ඡේෆ් බිසෝස් සමග තවදුරටත් සිටිය නොහැකි බව පවසා දික්කසාද නඩුවක් ගොනු කර ඇත. මිනිසුන් තමන් ප්‍රබලයැයි සිතා සිටින තරමට ප්‍රබල නැත. ඡෙෆ් බීසෝස්ගේ සහ ක්ෂාමාගේ කතාව ඊට සාක්ෂියකි.

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම විදෙස්