පරපුරෙන් පරපුර ඔහු සැතපෙන සොහොන් ගෙය පවා සිප ගනිති හේ එතරමි ශ්‍රේෂ්ඨ මිනිසෙක් විය

සැහැල්ලුවෙන් පා තබන්න
එයා වැඩෙනවා
තවම ඉන්නෙ හිමවලට යටින්
මෘදු ලෙස කතාකරන්න
ඇයට ඇහෙනවා
ඇය පිපෙනවා

ඔස්කාර් වයිල්ඩි

 

අප කතා කරන්නේ වයස අවුරුදු 46 ක් වැනි කෙටිකලක් තුල මිනිසාට කියවීමට බොහෝ දේ තබා ගිය ඒ සුන්දර මිනිසා ගැනය. අයර්ලන්ත ඡාතික ඔස්කාර් වයිල්ඩි ඔහු නාට්‍යකරුවෙකු, කවියෙකු සහ නවකතාකරුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර ඔහුගේ කලාව, සුන්දරත්වය සහ පුද්ගලික නිදහස පිළිබඳ අදහස් එකල පැවති වික්ටෝරියානු සමාඡයට ප්‍රබල අභියෝගයක් විය.

ඒ අතරම, වයිල්ඩ් ඔහුගේ මායාකාරී පුරාවෘත්ත සහ ඔහුගේ ගැහැණියකගේ මෙන් දිගු කෙස් කළඹද, මල් වලට දක්වන අසීමිත ප්‍රේමය නිසාද මහජන ප්‍රසිද්ධියට පත් විය. එහෙත් එක්තරා අපකීර්තිමත් නඩු විභාගයකින් ලද දුක්ඛිත වසර දෙකක සිරදඩුවම සිය මවුබිම ප්‍රතික්ෂේප කර පැරීසියට යාමට තරම් ප්‍රබලවිය. එබැවින් මෙි ශ්‍රේෂ්ඨ මිනිසාගේ සිරුර අයර්ලන්තයට හා බ්‍රිතාන්‍යට අහිමිවිය ලෝක සාහිත්‍ය යේ මුදුන් මල්කඩ වන් ප්‍රංශය එය හිමිකර ගත්තා ය.

සිය සොහොන්ගැබ නිර්මාණය කිරීමට පවා මුදලක් ඉතිරිකර නොගිය හේ, 1900 වසරේ නොවැමිබර් 30 වැනි දින දුප්පත් මිනිසකුට උරුම අඩි 6ක් දිගැති වලක් තුල පැරිසියේ සොහොන් බිමක ඡිවිත නිමාවෙන් පසු වැතිර සිටියේ ය. ඔහුගේ සමීපතමයෝ තම මිතුරාගේ සොහොන් ගෙය ඉදිකිරිමට පැරිසියේ සොහොන් පිටියකින් ඉඩම් කැබැල්ලක් මිලදි ගැනීමට ඔස්කාර් වයිල්ඩිගේ ප්‍රකාශයට පත්නොකල කෘතීන් විකුණුහ. ස්මාරකය නිමකිරීමට මූර්ති ශිල්පී ජේකොබ් එප්ස්ටයින්ට නිර්නාමික පුද්ගලයෙක් ඩොලර් 2,000ක් එවා තිබිනි.

1908 දී නාට්‍ය රචකයා සඳහා සොහොන් ගැබක් නිර්මාණය කිරීම සඳහා ඔස්කාර් වයිල්ඩ්ගේ සාහිත්‍ය විධායකයා විසින් acob Epstein තෝරා ගන්නා ලදී. 9 වන සියවසේ එප්ස්ටයින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සිතුවම් කළ සිත්තරා විය. ඔහු මැද පෙරදිග සහ ඊජිප්තු කලාව පදනම ලෙස ගෙන පියාපත් සහිත නිරුවත් දේවදුතයෙක් ගොඩනැගීය. ඒ කෙරෙහි බලපෑවෙි සමහර විට, වයිල්ඩ්ගේ The Sphinx කවිය යැයි විශ්වාස කෙරේ.

1912 දී ලන්ඩනයේ සිට ටොන් විස්සක ස්මාරකය පැරීසියේ Père-Lachaise සුසාන භූමියට ප්‍රවාහනය කරන අතරතුර, මූර්තිය කලා කෘතියක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ප්‍රංශ රේගුව එයට පවුම් 120 ක ආනයන බද්දක් ගෙවීමට එප්ස්ටයින්ට නියෝග කරන ලදී. එම දඩය ගලෙහි වටිනාකමට සමාන විය.

පැරීසියට ගිය පසු, නිරුවත් ප්‍රතිමාව මහජනයාට නැරඹීමට නොහැකි තරම් අශ්ශීල යැයි සැලකූ පැරීසියේ නිලධාරීන්ගේ නියෝගය අනුව ස්මාරකය කැන්වසයකින් ආවරණය කරන ලදී. එක් සන්ධ්‍යාවක සුසාන භූමියට ආපසු පැමිණි එප්ස්ටයින් ස්මාරකයේ වෘෂණ කෝෂ අසාමාන්‍ය ලෙස විශාල බැවි සලකන නිලධාරීන් විසින් බදාමයකින් එය ආවරණය කර ඇති බව සොයා ගත්තේය.

ස්මාරකය පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබු අතර මින් කලකිරුණු එපිස්ටයින් රාජකාරියේ යෙදී සිටි එක් පොලිස් නිලධාරියෙකුට අල්ලස් දී සමනලයෙකුගේ හැඩයට සමාන ලෝකඩ ඵලකයකින් වෘෂණ කෝෂ වසා දැමිමෙිය

මහජනතාව ගේ අනවශ්‍ය ගරු බුහුමන් හා වැරදිවලින් ආරක්ෂා කිරීම සඳහා සොහොන් ගෙය වසර දෙකක් පුරා කැන්වසය යටතේ පැවතුනි. අවසානයේදී මහඡන කෝපය නිසා, බලධාරීන් ආවරණය ඉවත් කිරීමට එකඟ වූ අතර 1914 දී එය නිරාවරණය කිරීමට අවසර දෙන ලදී.

වසර ගණනාවක් පුරා, නරඹන්නන් වයිල්ඩ්ට ඔහුගේ වැඩ සහ ජීවිතය පිළිබඳ ඔවුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කිරීම සඳහා ස්මාරකය මත සහ ඒ අවට සටහන්, ආදර ලිපි සහ මල් තැබූහ. 1990 ගණන්වල අගභාගයේදී එක් රසිකාවියක් සොහොන් ගෙය මත ලිප්ස්ටික් හාදුවක් තැබු අතර අතර එය අනුගමනය කරමින් දහස් ගණනක් යුවතියන් ඒ මත සිය තොල් සළකුනු තැබුහ. වැරදිකරුවන් වැලැක්වීමේ උත්සාහයක් ලෙස සුසාන භූමිය යුරෝ 9,000 දඩයක් හඳුන්වා දුන්නේය.

එහෙත් එය මායිමි නොකල, රසිකයන් වයිල්ඩ් සඳහා ඔවුන්ගේ ආදරය දිගටම ප්‍රකාශ කළහ. 2011 දී ලිප්ස්ටික් සිපගැනීම් නිසා ප්‍රතිමාවෙි ඇති වන සළකුනු හෝදන විට ඇතිවන ප්‍රතිමා ඛාදනය වැළැක්වීම සඳහා ස්මාරකය වටා වීදුරු බාධකයක් සවි කරන ලදී. දැන් මිනිසුන් එම වීදුරුව සිප ගනිත් ශ්‍රේෂ්ඨ මිනිසෙකුට ඡනතාව පෙරළා කෘතගුණ සලකන්නේ එලෙසය.

– උපුල් ජයසිංහ –

Social Sharing
නවතම විදෙස්