අද සිට ෆාමසිවලට ඖෂධ නොයයි

මහබැංකුව රුපියල පා කිරීමට තීරණය කිරීමත් සමග ඖෂධ ආනයනකරුවෝ ෆාමසි සඳහා ඖෂධ නිකුත් කිරීම තාවකාලිකව නතරකර දමා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය තුළ ෆාමසි 4000ට පමණ අවශ්‍ය ඖෂධ නොයන බව දැනගන්නට ලැබෙන අතර ඖෂධ මිල ගණන් වැඩි කිරීමට අවස්ථාව වහාම ලබා දෙන්න යැයි ඖෂධ ආනයනකරුවෝ ඖෂධ සැපයීම්, නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

මේ අනුව රාජ්‍ය ඇමැතිවරයා සමග අද (9) ඖෂධ ආනයනකරුවන්ගේ කර්මාන්ත මණ්ඩලය මේ පිළිබඳව සාකච්ඡා කරනු ලබන බව දැනගන්නට ලැබෙන අතර තමන් ඉල්ලන ඖෂධ මිල වැඩි කිරීමෙන් පසු ඖෂධ වර්ග 75 ක් සඳහා පනවා ඇති මිල පාලනය ද ඉවත් කළ යුතු බව ඔවුන් කියා ඇත. ඒ අනුව ඩොලර් අර්බුදය අවසානයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය තවදුරටත් දුෂ්කරතාවයට පත් කරනු ඇත.

මෙම ගෙන්වන ඖෂධ වලින් විශාල ප්‍රමානයක් බෝ නොවෙන රෝග සඳහා ලබාදෙන ඖෂධ වන අතර මෙම තත්ත්වය විසඳුමකින් තොරව ඉදිරියට ගිය හොත් රෝගී ජීවිත බොහෝමයක් අනතුරේ වැටෙනු ඇත.

Social Sharing
නවතම