යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය කිරීමේ චෝදනා නගා අත් අඩංගුවට ගෙන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) විසින් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී. දෙමළ ජාතික සන්ධානයේ (TNA) සිවඥානම් ශ්‍රීධරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් (TNPF) මන්ත්‍රීවරුන් අද (සිකුරාදා) පාර්ලිමේන්තුවේදී තම විරෝධය පල කරමින් කථානායකවරයාගෙන්…
Read MoreTag: tna party sri lanka
දෙමළ මන්ත්‍රීවරු එන්නත ප්‍රතික්ෂේප කිරීම වැරදියි! – ඇමති කෙහෙළිය
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ යුධ සමයේ දී යුධ හමුදා සෙබළුන්ට ඔවුන් දුන් පීඩාව සිහිපත් වීමෙන් නිසා විය යුතු යැයි මහනුවර අනිවත්තේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ශ්‍රී ලංකා යුධ හමුදා සෙබළුන් විනය ගරුක පිරිසක් වන නමුත් ත්‍රස්තවාදී යුද සමයේ ලැබූ අත්දැකීම් හේතුවෙන් කොරෝනා එන්නත…
Read MoreP2P පාද යාත්‍රාව ගැන දෙමළ නායකයින්ගෙන් පොලීසිය ප්‍රශ්න කරයි!
උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. උතුරු නැගෙනහිර පිහිටි තවත් පොලිස්ථාන කිහිපයකින්ම ඉදිරියේදී තමන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසපුත්‍රම් පවසන්නේ. ඔහු ඒ බව සදහන් කළේ පොලිස් නිලධාරීන් වෙත පෙබරවාරි 19 සිකුරාදා ප්‍රකාශ ලබා දීමෙන් පසු මාධ්‍ය හමුවක් කැදවමිනි. P2P නමින් ප්‍රකට වූ පාද යාත්‍රාව “ප්රජාතන්ත්ර විරෝධි” යයි පවසන පොලිස් නිලධාරීන් ඊට එක්වීම…
Read Moreනැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!
යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සදහා දීර්ඝකාලීන බදු සහන මත ලබාදී ඇති ඉඩම් වලින් රජයට අයවිය යුතු තිස්හතර කෝටි හැට අට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බව ඉඩම් අමාත්‍යවරයා පවසයි. එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පෙබරවාරි 9 අගහරුවාදා පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඒ බව හෙලි කර තිබේ. කුච්චවේලි…
Read Moreනැගෙනහිරින් උතුරට ආ පාද යාත්‍රාවට එරෙහිව නඩු!
උසාවි ගණනාවකින් පනවන ලද තහංචිද, සන්නද්ධ හමුදා, පොලිස් අවහිරද නොතකා හරිමින් දෙමළ හා මුස්ලිම් ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව රටේ සෙසු ජන කොටස් දැනුවත් කිරීම සදහා නැගෙනහිර පොතුවිල් සිට උතුරේ පොලිකන්ඩි දක්වා දැවැන්ත ජන සහභාගිත්වයකින් දියත්වූ සාම පාදයාත්රාවේ නියමුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වී තිබේ. එසේ වෙතත්, එම දිනවලම පාද යාත්‍රාවට එරෙහිව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නායකත්වයෙන් පැවති ජන රැළි වලට එරෙහිව පොලිසිය පියවර ගන්නා බවක් දැනගන්නට නැත. මුලතිව් අධිකරණ බල ප්‍රදේශයට ඇතුල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින් නියෝග පනවා තිබියදීත් එම ප්‍රදේශයට ඇතුල්වූ විරෝධතාකරුවන්ට එරෙහිව විමර්ශන ආරම්භ කළ බවට මුලතිව් පොලිස්ථානාධිපතිවරයා…
Read Moreනැගෙනහිර පාගමනට පොලීසියෙන් බාධා!
දෙමළ ප්‍රජා නායකත්වයෙන් නැගෙනහිරින් ආරම්භ කෙරුණු පාද යාත්‍රාවට දැඩි ලෙස අවහිර පැනවීම සම්බන්ධයෙන් පොලිසිය දෝෂ දර්ශනයට ලක්වී සිටී. සුළු ජාතීන්ගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පැවතීමට විරෝධය දක්වා දෙමළ ජනයා නැගෙනහිර සිට උතුර දක්වා ආරම්භ කළ සාම පාද යාත්‍රාව හැත්තෑ තුන්වැනි නිදහස් දිනයට පෙරදා අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයෙන් දියත් කරන ලදී. එය සිව් දිනකට පසු යාපනය දිස්ත්‍රික්කයේ පොලිකන්ඩියෙන් නිම වීමට නියමිතව ඇත්තේ ජනවාරි 6 දා ය. පෙබරවාරි 3 බදාදා උදෑසන 9.30 ට පොතුවිල් නගරයෙන් ගමන් ඇරඹී සාම පාද යාත්‍රාව කිලෝමීටර 100 ක් පසු කරමින් පස්වරු 5 පමණ වන විට…
Read More