ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහල පෙලේ දුත පිරිසක් නව වසර එළඹීමත් සමගම ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
මේ බව අනාවරණය කෙරුනේ දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන් කොළඹ සිටින ඇමෙරිකානු තානාපති නිලධාරින් සමග පැවති විශේෂ හමුවකදීය.
එහිදී ඇමෙරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී ප්‍රකාශ කොට ඇත්තේ නව වසරේ දී පැමිණීමට නියමිත ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ලංකාවේ සියළුම පාර්ශව හමුවීමට අපේක්‍ෂා කරන බවය.
රාජ්‍ය නිලධාරින් හමුවී සාකච්ජා කිරීම සඳහා ඇමෙරිකාවේ සංචාරය කරන ලෙස මනෝ ගගනේෂන් මන්ත්‍රීවරයගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන්ටද ඇමෙරිකානු තානාපති නිලධාරින් විසින් මෙහිදී ඇරයුම් කර තිබේ.
දෙමළ-මුස්ලිම් පක්ෂ ඒකාබද්ධව පවත්වන සාකච්ඡා වලින් පස්සේ ලංකාවේ දෙමළ කතා කරන ජනතාවගේ අවම ඉල්ලීම් ඇතුළත්ව සකස් කෙරෙන පොදු ලියවිල්ලත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව හමුවෙනවා, යැයි දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඊට ප්‍රතිචාර දක්වමින් පැවසිය.
දෙමළ මුස්ලිම් පක්‍ෂවල ඒකාබද්ධ ක්‍රියාකාරකම්, කඳුරට දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු, ලංකාවේ ජාතික ප්‍රශ්නයේදී ඇමරිකාවේ ක්‍රියාකලාපය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ඉදිරි රැස්වීම් පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයට ලක් වූ බව දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ සඳහන් කරයි.
මෙම හමුවට එක්සත් ජනපද දෙවැනි නියෝජ්‍ය තානාපති සුසාන් වොල්ක්, දේශපාලන නිලධාරී ජෙෆ්රි සුනින්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ ප්‍රධාන ලේකම් චන්ද්‍රා චාෆ්ටර්, මුදල් ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්, සහ මහාචාර්ය විජයචන්ද්‍රන් සහභාගි වූහ.
මෙම සාකච්ඡා වලට කලින් විපක්ෂයේ දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ කොළඹදී එක්වී අනාගත දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්දයෙන් සාකච්ඡා පවත්වා තිබුණි.