කොළඹදී දෙමළ-මුස්ලිම් නායක හමුවක්!

ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් පෙඩරල් පාලන ක්‍රමයක් දිනාගැනීම අත්‍යාවශ්‍ය  බවට දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් පිරිසක් තීරණය කර තිබේ.

ඒ ඉල්ලීම දිනාගන්නා තුරු එම පක්ෂ එකඟ වී ඇත්තේ පළාත් සභා වලට පූර්ණ බලතල දිනාගැනීම  සඳහා ඉන්දීය සහාය ඉල්ලා සිටීමයි.

කොළඹ ග්ලෝබල් ටවර්ස් හි පසුගිය  12   පැවති ආණ්ඩු විරෝධී දෙමළ මුස්ලිම් පක්ෂ නායකයන් එකඟතාවයකට පැමිණ ඇත්තේ ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගන්නා තෙක් බලය බෙදාහැරීමක් ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කිරීමටය.

දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කළේ “දමිළ කතා කරන ජනතාව නියෝජනය කරන පක්ෂ නායකයන් රැස්වී, පොදු ස්ථාවර සම්බන්ධයෙන් විමසා බැලීමේ රැස්වීමක්,”  පවත්වන ලද බවයි.

එම හමුව “13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවේ යෙදවීම, පළාත් සභා ඡන්දය සහ දේශපාලන ප්‍රශ්නය සඳහා කල් පවත්නා ස්ථිරසාර විසඳුමක් සොයාගැනීම සඳහා පවත්වන ලද,” බව ටෙලෝ ප්‍රකාශක කේ සොරෙන්දිරන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දු ලංකා සාම ගිවිසුම ඔස්සේ 1987 දී ලංකා ආණ්ඩුව විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වූ  පළාත් සභා ජන්දය වත්මන් රාජපක්ෂ ආණ්ඩුව විසින් කල් දමා තිබීම එම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ වී තිබේ.

“රාජපක්ෂ ආණ්ඩුව විසින් පළාත් සභාවලට අයත් බලතල එකිනෙක උදුරා ගන්නා මෙවන් තත්වයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පුර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාවේ සහයෝගය ඉල්ලා ඒකාබද්ධ ලියවිල්ලක්” බාර දිය යුතු බවට මෙම දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයන් එකඟවී තිබේ.

මෙම හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන්, දෙමළ ජාතික මහජන සංසදයේ නායක සී.වී.විග්නේශ්වරන්,දෙමළ ජාතික සන්ධානයේ හවුල් කාර පක්ෂ වන දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ නායක සෙල්වම් අඩයික්කලනාදන් සහභාගී වූ නමුත් පෞද්ගලික හේතුමත තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා හා දෙමළ ඊළාම් ජනතා විමුක්ති  සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් සහභාගි විය නොහැකි බව දන්වා තිබේ.

පසුගිය නොවැම්බර් 02 වැනිදා යාපනේදී රැස්වූ දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ හමුවේ තවත් එක් රැස්වීමක් ලෙස පැවති කොළඹ මෙම හමුවට සම්බන්ධන් සහ විග්නේශ්වරන් මන්ත්‍රීවරුන් සහභාගි වුවත්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය මිට සහභාගි වී නොමැත.

Social Sharing
නවතම