විශ්වය පුරා විහිදී ගිය ලංකාවේ ආර්ථිකය

‘මම, මගෙ දරුවන්ට මාලු වර්ගයක් සහ එළවළු 3ක් සමඟ කන්න දුන්නෙ. දැන් අතේ ඇති ගානට එළවලු දෙකක් ගන්නවත් බෑ, ගෑස් සිලින්ඩරයෙ මිල දරාගන්න බෑ ඒ නිසා අපි දර ලිපේ උයන්නෙ’ සිව්දරු මවක් වුණ නිලූකා දිල්‍ රුක්ෂි මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍යයේ BBC වෙබ් අඩවියට. ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳව විදෙස් මාධ්‍ය දැන් දැන් විශාල වශයෙන් කතාකරන්න පටන් අරගෙන. එදිනෙදා කුලී වැඩ වලින් සිය පවුල නඩත්තු කරන සැමියාගේ සොච්චම් මුදල අහස උසට යන බඩු මිල සමඟ පොරබදන ආකාරය බලාසිටින නිලූකා තමන්ගේ කඳුළු කතාව BBC ය හරහා ලෝකෙටම කියනවා. නිලූකා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ට…

Read More

අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!

Food shortage in Sri Lanka Udith Jayasinghe

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත. ආහාර හිඟයක් ඇතිවෙන බවට තමන් ප්‍රකාශ කළේ ඒ සඳහා සූදානම් වීමට මිසක රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමට නොවන බව ප්‍රකාශ කරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, ආහාර හිඟයක් ඇති වනබව තහවුරු වන්නේ, වර්තමානයේ රට තුළ වගාකර ඇති කුඹුරු, එළවළු, පළතුරු සහ තේ පොල් රබර් වගාවන් පිළිබඳව විමසිල්ලෙන් බලනවිට බව ප්‍රකාශ කරයි. තමන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස දින…

Read More