බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං

වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත.

වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබාගැනීමට ඉන්දියාව වෙත ගොස් සිටින බැසිල් රාජපක්ෂ නවදිල්ලියේදී ඉන්දීය අගමැතිවරයා සහ ඉන්දීය විදෙස් අමාත්‍යවරයා මුණ ගැසීමට නියමිතව තිබුණ අතර ඒ අනුව අද උදෑසන බැසිල් රාජපක්ෂ සහ නරේන්ද්‍ර මෝදි අතර හමුව පැවතී ඇත.

මෙහිදී ඉන්දියාවෙන් ගන්නා ලද ඉහත ණය මුදලට අදාළව ඖෂධ, තිරිඟු පිටි, සීනි සහ සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා අවශ්‍ය ගෙවීම් කරන්නට නියමිත අතර මෙම ණය මුදලෙන් කොටසක් ඉන්ධන ආනයනය සඳහා ද වෙන් වෙන බව දැනගන්නට ලැබේ.

මෙම හමුවට පසුව ඉන්දීය විදේශ ලේකම් Harsh Vardhan Shringla සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් පවත්වන්නට නියමිත බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

මෙම ණය මුදල ඉන්දියාව විසින් ලංකාව වෙත පිරිනැමීමේදී අදාළ ණය මුදල සඳහා කොන්දේසි කිහිපයක් ලබාදී ඇතැයිද ඒවා ඉටු කිරීමට ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා එකඟවී ඇතැයිද දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම