අල්ලස් ලබා ගත් අධිකරණයේ විනිසුරුවරයෙකු අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් අල්ලස් ලබා ගැනීමේදී අත්තඩංගුවට පත් වී තිබෙනවා. රුපියල් 5,000ක අල්ලසක් ලබා  ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාල විනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. සැකකාර විනිසුරුවරයා  ලබන මැයි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කර තිබෙන්නේ.

පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා.

Social Sharing
නවතම පුවත්