ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම් තුනක්, කරුණු 08ක් හෙළිවේ.

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක්ද ටොන් 4000 ක් බරැති නාවුක පාවෙන තටාකයක්ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකුද පත්කර ඇත.

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට එළඹෙන මුල් අවස්ථාවද මෙයයි. ඉන්දීය රජය ඔස්ට්‍රේලියාව, ප‍්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ.

ක්වොඩ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ‍්‍රී ලංකා රජය මෙතෙක් හෙළිකර නැත. ඉහළ පෙළේ ආරක්ෂණ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය සාගරයේ ඇමරිකානු ආරක්ෂක මෙහෙයුම ඇමරිකානු රජය ඉන්දියාව හරහා ශ‍්‍රී ලංකාවට යොමුකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ  පැවති දේශනයකදී  වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද  හෙළිකර සිටියේය. ඔහු එහිදී එකඟ වී ඇති කරුණු 8ක් පිළිබදව ද සඳහන් කළේය. එනම්

1) පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සහ මෙහෙයවීම ඉන්දියානු සමාගමකට ලබා දීම.

2)මඩකළපුව ගුවන් තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට ඉන්දියානු සමාගමක් මගින් සංවර්ධනය කිරීම.

3)සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ඉන්දියානු රජ්‍යය සමාගමකට අක්කර 1000ක් ලබාදීම

4)මන්නාරම සුළං බලාගාරය සඳහා අදානි සමාගමට අක්කර 600ක් ලබාදීම.

5)සේතු සමුද්‍රම් ( ආදම්ගේ පාලම ) සහ කච්චතිව් දූපතට අදාළ ඉන්දියානු අයිතීන් පිළිගැනීම.

6) ත්‍රිකුණාමලය වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාර්ය පුළුල් කිරීම.

7)ත්‍රිකුණාමල වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාරය පුළුල් කිරීම.

8)නැගෙනහිර මුහුදු කළාපය ආශ්‍රිතව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම.

ඇමරිකානු බලධාරීන් මෙම ආරක්ෂක එකඟතාවය ඇතිකර ඇත්තේ චීනයට එරෙහිව බව ද ආරංචි මාර්ග කියා සිටී. මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් මහාදේවි, තරිනි, බුල්බුලා, කඩල්පුරා සහ හරියාල් යන නැව් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කල සාකච්ඡාව පහතින්….👇

Social Sharing
නවතම