අප්‍රේල් වෙනකොට කන්නත් නැතිවෙන එක ෂුවර්..!

එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත.

ආහාර හිඟයක් ඇතිවෙන බවට තමන් ප්‍රකාශ කළේ ඒ සඳහා සූදානම් වීමට මිසක රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමට නොවන බව ප්‍රකාශ කරන කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, ආහාර හිඟයක් ඇති වනබව තහවුරු වන්නේ, වර්තමානයේ රට තුළ වගාකර ඇති කුඹුරු, එළවළු, පළතුරු සහ තේ පොල් රබර් වගාවන් පිළිබඳව විමසිල්ලෙන් බලනවිට බව ප්‍රකාශ කරයි.

තමන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස දින 191ක් සේවය කළ බවත් තමන් එම ධුරයෙන් ඉවත්කළ බවට මේ වනතෙක් ලිඛිතව දැනුන් දී නැති බවත් ප්‍රකාශ කරන මහාචාර්යවරයා තමන් එම ධුරයෙන් ඉවත්කළ හේතුව දැනගැනීම තමාගේ අයිතියක් බවද ප්‍රකාශ කරයි.

බොහෝ දෙනෙක් මෙම ඉවත් කිරීම පිළිබඳව සඳහන් කරමින් ප්‍රකාශ කරන්නේ ආහාර හිඟයක් එන බවට ප්‍රකාශ කිරීම මේ ඉවත් කිරීමට ආසන්නතම හේතුව විය හැකි බවයි.

Social Sharing
නවතම