පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වැදගත්ම කාරක සභාවන් වන කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධුරය විරුද්ධ පක්ෂයට ලබා දීමට පාර්ලිමේන්තුව එකඟතාවයකට පැමිණ ඇතැයි වාර්තා වෙයි. මෙම කාරකසභාවන් හි සභාපති තනතුරු විපක්ෂයට හිමිවිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනෙකුත් විපක්ෂයේ පක්ෂ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවන් පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසුගිය 7 දා මෙම එකඟතාවන් ඇති කරගෙන ඇත. පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සාමාජිකයයෙක් අනුගාමී රැස්වීම් තුනකට සහභාගි නොවුණහොත් ඔහු හෝ ඇය එම කාරක සභාව හැරගියා සේ සැලකීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර…
Read MoreTag: sjb
මේ අපි කියපු 21 නෙවෙයි, සජිත්/ නීතිඥ සංගමය විරෝධය දක්වයි
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද (23) දින ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වූජනාධිපතිවරයාගේ තටු කපන සංශෝධනයක් නොවෙන බව, මෙම සංශෝධනය ගැන සිය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි. මෙහිදී නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරිපත් කර තිබෙන 21 වන සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල කප්පාදු වී නැති බවය. අමාත්‍ය ධූර දැරීමටත්, විෂයන් තමන්ට පවරා ගැනීමටත්, ලේකම්වරු පත් කිරීමටත් ජනාධිපතිවරයාට ඇති බලය 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළ ද එලෙසම පවතින බව ප්‍රකාශ කරන නීතීඥ සංගමය, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සහ…
Read Moreරමේෂ් පතිරණට අදත් ඇමතිකමක්
අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය. ඩග්ලස් දේවානන්ද – ධීවර කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර – කෘෂිකර්ම සහ වනසම්පත් කළමණාකරන අමාත්‍ය රමේෂ් පතිරණ – කර්මාන්ත අමාත්‍ය විදුර වික්‍රමනායක – බුද්ධ ශාසන සහ සංස්කෘතික අමාත්‍ය නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය රොෂාන් රණසිංහ – ක්‍රීඩා සහ වාරිමාර්ග අමාත්‍ය
Read Moreඅද ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්….!!
(පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තනතුර සඳහා පැවති ඡන්ද විමසීමෙන් පසුව ගරු රෝහිණී කුමාරි විජේරත්න (කවිරත්න) මහත්මිය පාර්ලිමේන්තුව අමතා සිදු කළ කතාව) ගරු කතානායකතුමනි, නව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මැතිතුමාට මම සුබ පතනවා. මේ පුටුවේ හරි මැද ඉදගෙන කටයුතු කරන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කේන්තියකින් නෙවෙයි, උපහාසයෙන් කියන්නේ, මම පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට යොමු වන විට කතානාය පුටුවේ හිටපු අජිත් රාජපක්ෂ සමඟ මට තරඟ කරන්නට සිදුවීම දෛවයේ සරදමක් විදිහට මට සලකනවා. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායක, නියෝජ්‍ය කතානායක පමණක් නෙවෙයි නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරටවත් කාන්තාවක් පත්වී නැහැ. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය බිහිකරපු රටේ,…
Read Moreඅජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායක වෙයි
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා අද (17) පැවති ඡන්ද විමසීමේ දී ජන්ද 109ක් ලබා ගනිමින් පොදු ජන පෙරමුණේ පා.ම අජිත් රාජපක්ෂ මහතා නියෝජ්‍ය කථානායක ධූරයට පත් විය. ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකිවූයේ ඡන්ද 78 කි. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා එම යෝජනාව ස්ථිර කරේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය. එසේම…
Read Moreජනාධිපතිට එරෙහි විශ්වාසභංගය 17 විවාදයට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්විණි. උපුටාගැනීම : නිව්ස්පීඩියා
Read Moreඅර්බුදයෙන් මිදීමට 43 සේනාංකයෙන් යෝජනා
නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප මුහුණ දෙමින් තිබෙන වර්තමාන ආර්ථික – දේශපාලන අර්බුදයෙන් මිදීම සඳහා, දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම මුලික අවශ්‍යතාවකි. එහිදී අපට අවශ්‍ය වන්නේ රට මේසා විනාශයකට, බංකොළොත් භාවයකට සහ මංකොල්ලයකට ලක් කළසාපාරාධී ‘රාජපක්ෂ පවුල මුදා ගැනීමේ‘ ආණ්ඩුවක් නොව, මේ ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා කෙටිකාලීන, අන්තර්කලීන, සර්ව පාක්ෂික ආණ්ඩුවකි. එවැනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසා දෙමින්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා…
Read Moreසජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත් ප්‍රේමදාස අගමැති ධුරය ලබාගන්නා බව සජබ මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ අතර පසු දා එනම් අද (11) එම ස්ථාවරය වෙනස් කරමින් ජනාධිපතිවරයා නිශ්චිත කාලයක දී තනතුර හැරයන්නට සූදානම් නම් අග්‍රාමාත්‍ය තනතුර භාරගෙන රට මෙම අර්බුදයෙන් මුදාගන්නට සූදානම් බව ප්‍රකාශ කළේය. මෙම තීරණයත් සමග සජබ මන්ත්‍රිවරුන් සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර හට සිය විරෝධය දක්වා ඇති…
Read Moreශ්‍රීලනිප-රාජපක්ෂ ඩීල් එක නියෝජ්‍ය කතානයක පත් කිරීමෙන් එළියට!
අද (5) දින නියෝජ්‍ය කතානයක පත් කිරීමේ රහස් ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබාගෙන හිටපු නියෝජ්‍ය කතානයක රංජිත් සියඹලාපිටිය නැවත වරක් නියෝජ්‍ය කතානායක ධුරයට පත්වීම ශ්‍රීලනිප-රාජපක්ෂ තිරයෙන් ඇතුලේ හවුල එළියට නිරාවරණය වීමක් බව කිව යුතුය. මුලින් සජබ ප්රමුඛ විපක්ෂය ස්වාධීන කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය හට ඡන්දය ලබා දෙන්නට තීරණයක් ගෙන තිබුණත් පසුව රංජිත් සියඹලාපිටියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද ඡන්දය ලබාදෙන බව ආරංචි වීම නිසා ඔවුන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට තීරණයක් ගෙන ඇත. ඒ අනුව සජබ ඉමිතියාස් බාකිර් මාකර් මන්ත්‍රීවරයා නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් විපක්ෂයෙන් යෝජනා කළේය. ඒ අනුව රහස් ඡන්දය…
Read Moreනියෝජ්‍ය කතානායක කවුද? ඡන්ද විමසීම ඇරඹේ..
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමග ඇතිවූ පුරප්පාඩුව සඳහා නව නියෝජ්‍ය කතානායකවරටෙක් තෝරාගැනීමේ රහස් ඡන්ද විමසීම මේ මොහොත වනවිට ආරම්භ වී ඇත. මේ අනුව රංජිත් සියඹලාපිටිය සහ ඉමිතියාස් බාකිර් මාකර් යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ සඳහා යෝජනාවී ඇති අතර රහස් ඡන්ද විමසීමේ ප්‍රතිපලය අනුව ඔවුන් දෙදෙනාගෙන් නියෝජ්‍ය කතානායක කවුද යන්න තීරණය වෙනු ඇත.
Read More