ශ්‍රවණාබාධිත තරුණිය කෙලෙසූ යකැදුරෙකුට වසර 20ක සිර දඬුවම්

 

කන් ඇසීමේ දුර්වලතාවක් හේතුවෙන් තෙල් සාත්තුවක් කරගැනීමට දේවාලයකට ගිය 20 හැවිරිදි තරුණියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි යකැදුරෙකුට මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. දර්ශිකා විමලසිරි මෙනවිය වසර විස්සක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කළාය.

ඊට අමතරව මුදලින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් මාස හයක සිරදඬුවමකට යටත් කෙරිණ.

ඊට අමතරව පැමිණිලිකාරියට මුදලින් රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකාර යකැදුරාට නියම කෙරිණ.

Social Sharing
නවතම පුවත්