රනිල් – සජිත් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර හමුවක් අද(22) දහවල් පැවැත්විය.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද ඊට සහභාගී වී තිබේ.

සමගි ජනබලවේගය සඳහන් කළේ, මෙම හමුවේදී  සර්ව පාක්ෂික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර අදහස් හුවමාරු වූ බවයි.

අමාත්‍ය ධුර ලබා ගනිමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩුවට එක්වන ලෙස ජනාධිපතිවරයා යළිත් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි බව, සමගි ජන බලවේගය සඳහන් කළේ ය.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් විපකෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට දැනුම් දී  ඇත්තේ සිය පක්ෂය අමාත්‍ය ධුර ලබා නොගෙන සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා සහය ලබා දෙන බවයි.

අමාත්‍ය ධුර ලබා ගැනීමෙන් තවදුරටත් ජනතා වැය බර වැඩි කරනවා වෙනුවට, විපක්ෂ‌යේ සිට රජයේ  සාධනීය යෝජනා සඳහා සහය ලබාදෙන බවත් , රජයේ ජනතා විරෝධී වැඩපිළිවෙළ  තවදුරටත් විවේචනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදි දැනුම් දී තිබේ.

(newsfirst)

Social Sharing
නවතම