ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත…

සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි.

පසුගියදා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා පෙරේදා අත්සන් තැබීමත් සමග එය නීතියක් බවට පත් විය.

මේ අතර 21 වැනි සංශෝධනය බලාත්මක වීමත් සමග අධිකරණ සේවා කොමිෂන් සභාව හැර සෙසු කොමිෂන් සභා වැඩබලන තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බවත් ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව පත් කළ පසු ස්වාධීන කොමිෂන් සභා සඳහා නියෝජිතයින් පත් කිරීමට නියමිත බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ ය.

 

Social Sharing
නවතම