මහළු රජුන් හා තරුණ නායක නායිකාවන්.

” නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය.” මෙහෙම කීවෙ බල ලෝභයෙන් පෙලෙන වයෝවෘද්ධ නායකයෙක්.. ප්ලාස්ටික් සැත්කම් වලින් මුහුණ පාට කරගෙන හිටියට එයාට වයස අවුරුදු හැත්තෑව ලබනව තව මාස කීපයකින්. “මහත්තයා ඔබගේ කතාව මට හොඳින් ඇහුනා ස්තුතියි.. මෙවැනි කතා පහුගිය දශක කීපය තිස්සේම අහල මට හොඳින්ම පුරුදුයි. මා ඉපදුනේ නිදහස් රටක. මගේ ජනතාව මා හට බලය ලබා දුන්නේ අසල්වැසියන්ට අවශ්‍ය ආකාරයට තීරණ ගැනීමට නොව මගේ ජනතාවට…

Read More

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට

යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත. එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක් සඳහා පිටත් කළ වැඩිම නියෝජිතයන් සංඛ්‍යාවක් අයත් වෙන්නේ මෙම කණ්ඩායමටයි. මෙම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝජනය කරන නීතීඥ කරීම් ඛාන් ය. ඊට අමතරව ප්‍රශංයේ මෙම කණ්ඩායමට අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් ද විමර්ශන කණ්ඩායමට එක් වී සිටී “යුක්රේනය ආක්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදායි. ආක්‍රමණය ආරම්භ වූ පළමු දිනයේ පටන් රුසියන් හමුදා කළ යුද…

Read More

ෆින්ලන්තයට විදුලිය නෑ

රුසියාව ෆින්ලන්තයේ විදුලි සැපයුම විසන්ධි කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට එක් වීමට ෆින්ලන්තය කැමැත්ත පළ කිරීම හේතුවෙන් රුසියාව මෙම තීරණය ගෙන ඇත. එසේම ‘නේටෝ’ සාමාජිකත්වය ලබා ගතහොත්, ඊට එරෙහි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව රුසියාව ෆින්ලන්තයට පැහැදිලි කර තිබේ. තවද උතුරු අත්ලාන්තික් සංවිධානයේ අවි රුසියානු දේශ සීමා අසල ස්ථානගත කළහොත් රුසියාවේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය. කෙසේනමුත් ගෙවීමට ඇති හිඟ මුදල් හේතුවෙන් ෆින්ලන්තයට ලබා දෙන විදුලි සැපයුම මැයි 14 වෙනි දින විසන්ධි කරන බව රුසියානු…

Read More

රුසියානු යුධ අපරාධ හොයන්න කවුන්සිලයක්

යුක්‍රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත. එසේම…

Read More

යුක්‍රේනෙම අල්ල ගන්න ගේම් ගහන පුටින්

රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ නිතුක් කෙරූ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උද්ධමනය, ආහාර හිඟය සහ බලශක්ති මිල ගණන් ඉහළ යමින් යුක්රේනයේ තත්ත්වය තවදුරටත්අයහපත් පසුබිමකට පත්වීමෙන් පසුව සිය ප්‍රහාරය දැඩි කිරීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි. එසේම යුක්‍රේනය සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 40 ක ට ආසන්න සහන පැකේජයක් අනුමත කිරීමට අමෙරිකාව…

Read More

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. තවද මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමිතය. ඉකුත් පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Read More

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.

ukraine crisis

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි. එසේම තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් සඳහන් කර ඇත. තවඳ ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවත්. එසේම ඒ සඳහා සිය හමුදාවට උපකාර කරන ලෙසත් ය. එබැවින් මෙම වීඩීයෝ…

Read More

රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?

ukraine crisis

යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන් අයුරින් උපකාර කර ඇති බව වාර්තා වෙනවා. තව ද යුක්‍රේන ජාතික සරණාගතයින් මිලියන 2කට වැඩි පිරිසක් තම රටට ගෙන්වා ගෙන ඔවුන්ට පහසුකම් සලසා දී තිබෙන බවට මාධ්‍ය වාර්තා කර ඇති අයුරු දැක ගන්න ලැබුණා. මේ හේතුවෙන් පෝලන්ත යුක්‍රේන දේශසීමා වලට රුසියනු හමුදාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට වාර්තා වෙනවා. කෙසේවෙතත් මෙම තත්වය නිසා නේටෝ…

Read More

රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට සැලකෙන රුසියානු හමුදාවටතවමත් එකම ප්‍රධාන යුක්‍රේන නගරයක් හෝ යටත් කර ගැනීමට  හැකි  වෙලා නැහැ. මේ යුද්ධයට හේතු වෙන කරුණු කාරණා, ඉතිහාසය, යුක්‍රේණ ආක්‍රමණය  අසාර්ථක වීමට හේතු, මාධ්‍ය නිදහස, රුසියානු හාලෝක ආර්ථිකය වගේ බොහෝ කරුණු අපි පහුගිය ලිපි වලින් සාකච්ඡා කරා. ඒ එක්කම මාරිනා ඔව්සියන්නිකෝවා එලේනා ඔසිපෝවා වගේ  ප්‍රසිද්ධ   රුසියානුවන් යුක්‍රේනය ආක්‍රමණයට විරුද්ධව තමන්ගෙහඬ අවධි කරපු…

Read More

යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්

ukraine crisis

යුක්‍රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන අන්දමට රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුමේ අවසානාය ළඟා කරගැනීමට අවශ්‍ය නම් එම කොන්දේසි 06ට එකඟ වන ලෙස ජනපති පුටින් යුක්‍රේනයට ප්‍රකශ කර අත. එම කොන්දේසි නම්, 01. යුක්‍රේනය නේටෝ හි සාමාජිකත්වය නොගෙන මධ්‍යස්ත ලෙස කටයුතු කිරීම. 02. ක්‍රිමියාව රුසියාවට අයිති භූමි ප්‍රදේශයක් ලෙස පිළිගැනීම. 03. ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු සඳහා ස්වාධීනත්වය ලබා දීම.…

Read More