යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්

යුක්‍රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ.

එහි දැක්වෙන අන්දමට රුසියාව සහ යුක්‍රේනය අතර යුද ගැටුමේ අවසානාය ළඟා කරගැනීමට අවශ්‍ය නම් එම කොන්දේසි 06ට එකඟ වන ලෙස ජනපති පුටින් යුක්‍රේනයට ප්‍රකශ කර අත.

එම කොන්දේසි නම්,

01. යුක්‍රේනය නේටෝ හි සාමාජිකත්වය නොගෙන මධ්‍යස්ත ලෙස කටයුතු කිරීම.

02. ක්‍රිමියාව රුසියාවට අයිති භූමි ප්‍රදේශයක් ලෙස පිළිගැනීම.

03. ඩොනෙට්ස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු සඳහා ස්වාධීනත්වය ලබා දීම.

04. රුසියාවට තර්ජනයක් වන ඕනෑම යුධ උපකරණයක් හමුදාකරණය කිරීමට රුසියාවට ඉඩ ලබා දීම.

05. රුසියානු ජනාධිපති විසින් නිකුත් කරන ප්‍රකාශ ව්‍යවස්තානුකූලව පිළිගැනීම.

06. රුසියානු භාෂාව යුක්‍රේනයේ දෙවන නිළ භාෂාව ලෙස පිළිගැනීම.

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්