ජාත්‍යන්තර අපරාධ අධිකරණය යුක්‍රේනෙට

යුක්රේන අර්බුදයත් සමග රුසියාව සිදු කළ බව පැවැසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ විශේෂ නියෝජිත පිරිසක් යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණ ඇත.

එම නියෝජිත කණ්ඩායමට සාමාජිකයන් හතලිස් දෙදෙනකු සිටින අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණය විමර්ශනයක් සඳහා පිටත් කළ වැඩිම නියෝජිතයන් සංඛ්‍යාවක් අයත් වෙන්නේ මෙම කණ්ඩායමටයි. මෙම කණ්ඩායමට නායකත්වය දෙන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය නියෝජනය කරන නීතීඥ කරීම් ඛාන් ය. ඊට අමතරව ප්‍රශංයේ මෙම කණ්ඩායමට අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් ද විමර්ශන කණ්ඩායමට එක් වී සිටී

“යුක්රේනය ආක්‍රමණය කළේ පෙබරවාරි 24 වැනිදායි. ආක්‍රමණය ආරම්භ වූ පළමු දිනයේ පටන් රුසියන් හමුදා කළ යුද අපරාධ සම්බන්ධයෙන් යුක්රේන හමුදාව සහ රජය අපට පැමිණිලි කර තිබෙනවා. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශනයක් සිදු කරනවා. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ඔහුගේ හමුදා ප්‍රධානීන්ට, බුද්ධි අංශ ප්‍රධානීන්ට එම චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට සිදුවෙන්න පුළුවන්” යැයි කරීම් ඛාන් යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත.

Social Sharing
නවතම විදෙස්