සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ.

එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට තමන් බිය නොවන බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

තවද මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේන අගනුවර සංචාරයක නිරත වීමට නියමිතය.

ඉකුත් පෙබරවාරි 24 වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුව අමෙරිකානු නියෝජිතයෙකු යුක්‍රේනයේ සංචාරයක නිරත වනුයේ පළමු වරට බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

Social Sharing
නවතම විදෙස්