රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ.

ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට සැලකෙන රුසියානු හමුදාවටතවමත් එකම ප්‍රධාන යුක්‍රේන නගරයක් හෝ යටත් කර ගැනීමට  හැකි  වෙලා නැහැ.

මේ යුද්ධයට හේතු වෙන කරුණු කාරණා, ඉතිහාසය, යුක්‍රේණ ආක්‍රමණය  අසාර්ථක වීමට හේතු, මාධ්‍ය නිදහස, රුසියානු හාලෝක ආර්ථිකය වගේ බොහෝ කරුණු අපි පහුගිය ලිපි වලින් සාකච්ඡා කරා.

එක්කම මාරිනා ඔව්සියන්නිකෝවා එලේනා ඔසිපෝවා වගේ  ප්‍රසිද්ධ   රුසියානුවන් යුක්‍රේනය ආක්‍රමණයට විරුද්ධව තමන්ගෙහඬ අවධි කරපු ආකාරය ගැනත් අපි කතා කරා.

මේ නම් ඇතුලට අළුතින්ම එකතු වෙන නම තමයි දිමිත්‍රි මුරාටොව් . ( Dimithri Muratov) දිමිත්‍රි තමයි 2021 අවුරුද්දෙනොබෙල් සාම ත්‍යාගය දිනාගත්ත රුසියානු මාධ්‍යවේදියා.

පුටින් පාලනයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව හඬ නගල තවමත් ජීවිතේ බේරගෙන ඉන්න මුරාටොව් මහත්තයා තමයි අදටත්රුසියානු මාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් පුළුවන් විදිහට සටන් කරන්නෙ.

රුසියානු පුවත් පත්, විකල්ප රූපවාහිනී හා ගුවන් විදුලි සේවා එකින් එක තහනම් කෙරෙද්දි තමන්ගෙ නොවායා ගැසෙටා ( Novaya Gazeta) පත්තරේ හරහා මේ මහත්තයා තවදුරටත් රුසියානුවන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කරනවා.

මේ සතියේ මුරාටොව් මහත්තයා තීරණය කරනව තමන්ගෙ නොබෙල් පදක්කම වෙන්දේසි කරල සල්ලි වලින් යුක්‍රේනජාතිකයන්ට උදව් කරන්න.

එක්කම මෑත කාලයේ රුසියාවෙන් බිහිවූ විශිෂ්ඨතම ලේඛකයා විදිහට සැලකෙන මිකායෙක් ශිශ්කින්  ( Mikhail Shishkin ) මහත්තයා ප්‍රසිද්ධියේම කියනවා

රුසියාව යනු පුටින් රෙජිමය නොවේ, ව්ලැදිමීර් පුටින් විසින් විනාශ කරන්නේ රුසියාවත් රුසියානු මිනිස්සුන්ගේත් බලපොරොත්තුමිස යුක්‍රේනය පමණක් නොවේ.”

මිත්‍රවරුනි පුටින් යනු රුසියාව නොවේමේ උමතු මිනිසා විනාශ කරන්නේ මගේ ආදරණීය රුසියාවයි…”

මිකායෙක් ශිශ්කින් තමයි එකම රුසියානු ලේඛකයා ප්‍රධාන රුසියානු ලේඛක සම්මාන තුනම දිනාගත්.

වගේ බුද්ධිමතුන් සිය දහස් ගණන් රුසියානුවන් පුටින් පාලනය විවේචනය කරද්දි පිලිගත් රුසියානු විශ්ව විද්‍යාල කීපයක්මයුක්‍රේන ආක්‍රමණය විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කරන්නෙ මේ සතිය තුලදීයි.

එක්කම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමට එකතු වෙච්ච රුසියානු අභ්‍යවකාශ ගාමීන් තුන්දෙනාබොහොම බලවත් පණිවිඩයක් ලෝකයට දුන්න.


මේ
අය කසකස්‍තානයෙන් පිටත් වෙද්දි ඇඳගෙන හිටියෙ සුදුපාට රුසියානු නිළ ඇඳුම්. නමුත් මේ අය  පහුගිය මාර්තු 18 වෙනිදාඅභ්‍යවකාශ කණ්ඩායමට එකතු වුනේ කහ සහ නිල් පැහැති ඇඳුමකින් කියන්නෙ යුක්‍රේන ජාතික කොඩියේ වර්ණ වලින්.

රුසියානු පාලනය කියන විදිහට මේ සිද්ධිය හා යුක්‍රේන අක්‍රමණය අතර සම්බන්ධයක් නෑ. මේ නිළ ඇඳුම් සාමාන්‍ය නිළ ඇඳුම්වලින් එකක් විතරයි. නමුත් නිහඬ පණිවිඩය ලෝකය පුරාම පැතිරිලා ඉවරයි.

මේ සතියේ දැකගන්න පුළුවන් වුනු තවත් දෙයක් තමයි  ලෝකය පුරාම ඉන්න රුසියානු හා යුක්‍රේන සංගීත ශිල්පීන් එකට එකතුවෙලා සංදර්ශණ පැවැත්වීම.

 යුද්ධයෙන් අනාථ වෙන යුක්‍රේන ජාතිකයින්ට උදව් කරන්නයි මේ සංදර්ශන වලින් ලැබෙන මුදල් යෙදවෙන්නේ. රුසියානු කලාශිල්පීන් කියන්නෙරුසියාව කියන්නෙ පුටින් පාලන ක්‍රමයට නෙවෙයි.

අපි ඉතිහාසයක් තියෙන ශ්‍රේෂ්ඨ ජාතියක් මිස අසල්වැසියා ආක්‍රමණය කරන නිවට ජාතියක් නෙවෙයි”.. කියලයි.

තමන්ගෙ රට තුලින්ම මතුවෙන විරෝධයත් නොහිතූ විදිහට යුක්‍රේනයෙන් එල්ලවෙන ප්‍රථිරෝධය හමුවේ රුසියානු  හමුදාවටතමන්ගෙ ඉලක්ක වෙත ළඟාවීමට නොහැකි වීමත් රුසියානු නායකයාගේ කෝපයට හේතු වෙලා තියන බව තමයි පේන්නතියෙන්නේ.

නිල නොවන මට්ටමින් තහවුරු කරල නැතත් ලෝක මාධ්‍යයේ පහුගිය සතියේ  ප්‍රචාරය කරපු  දෙයක් තමයි රුසියානුජනාධිපතිවරයා චීනයෙන් යුධ ආධාර ඉල්ලූ බව.

මේ ප්‍රවෘත්තියත් එක්කම ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චීන පාලනයට කියන්නෙ  අසාධාරණ ආක්‍රමණයක් හමුවේ කිසිදු විටකරුසියාවට යුධ ආධාර නොදිය යුතු බවයි.

මේ නිසාම මේ නායකයන් දෙදෙනා  අතර දුරකථන සාකච්ඡා වටයක් මේ සතියේ පැවැත්වුණු බවයි දැනගන්න තියෙන්නෙ.

මෙතැනදි  ඇමරිකානු නායකයා අවධාරණයෙන්ම කිව්වෙ චීනය කිසිදු විටක රුසියාවට ආධාර නොදිය යුතු බවයි.

එතකොට බෙයිජින් පාලනය කියනවා.

හොඳයි.. මේ ගැටුමෙදි අපි රුසියාවට ආධාර දීමෙන් වැලකී ඉන්නව හැබැයි එක කොන්දේසියක් උඩ.”

මොකද්ද මේ කියන්නෙ.. 

හරි අපි රුසියාවට උදව් කරන්නෙ නැහැ.

නමුත් අපි තායිවානය ආක්‍රමණය කරොත් ඇමරිකාවත් පාඩුවේ අයින් වෙලා ඉන්න ඕනෙ අපේ වැඩට අත දාන්න එන්නෙ නැතුව.”

මේ සාකච්ඡාවේ ප්‍රථිඵල මෙතනින් එහාට අපිට දැනගන්න විදිහක් නෑ. නමුත් තායිවාන ඉතිහාසය හා ගැටුම ගැන සලකා බලද්දි ( අපි මේ ගැන විස්තර සහිතව කලින් කතා කරා) මේ ඉල්ලීම් කොයිතරම් ප්‍රාථමිකද සාධාරණද කියල අපිට වැටහෙනවා.

එයින් අදහස් වෙන්නෙ නෑ තායිවානය ආරක්ෂා කිරීමේ ඇමරිකානු තීරණයට අපි එකඟ වෙන බවක්නමුත් අපි කරන්නෙ මේ හැමසිද්ධියක් ගැනම දැනුවත් වෙන එක.

ආපහු සැරයක් අපි රුසියානු හමුදාව දෙසට හැරෙමු.

රුසියානු හමුදාවේ පිරිස් බලය හා නවීන තාක්ෂණය හැරුණු විට  හමුදාවට බිය විය යුතු ප්‍රධාන කරුණු තුනක් තියනව.

1. හයිපර් සොනික් මිසයිල තාක්ශණය. ( Hypersonic Missile Technology)

( ඇමරිකා එක්සත් ජනපදය, චීනය හා උතුරු කොරියානු හමුදාවන් මේ තාක්ශණය සහිත මිසයිල අත් හදා බැලීම් කරපු බවටතොරතුරු තියෙනවා. ඊට අමතරව ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව සතුවත් හිපර් සොනික් මිසයිල ඇති බවට වාර්ථාවෙනව)

පැයට සැතපුම් 7000 පමණ වේගයකින් ගමන් කරන්න පුළුවන් මේ මිසයිල  සැතපුම් 1200 පමණ දුරකට ගමන් කරන්නපුළුවන්.

2. රසායනික අවි.   ( Chemical Weapons)

 රසායනික අවි භාවිතය තහනම් වුවත් රුසියානු හමුදාව සතුව සැලකිය යුතු මට්ටමේ රසායනික අවි තොග ඇති බව තමයි යුධවිශේෂඥයන් පවසන්නේසිරියානු සිවිල් යුද්ධයේදී සිරියානු හමුදා විසින් මෙන්ම රුසියානු සෙබළුන් විසින්ද මේ රසායනික අවියොදාගත් බවට චෝදනා තියෙනව.

3. න්‍යෂ්ඨික අවි. ( Nuclear Weapons)

හිරෝශිමා හා නාගසාකි සිද්ධියෙන් පස්සෙ මේ වනතෙක් කිසිම හමුදාවක් විසින් න්‍යෂ්ඨික අවි පාවිච්චි කරල නැහැ.

නමුත් රුසියානු ජනාධිපතිවරයා අණතුරු අඟවල තියනව වෙනත් රටවල් යුධයට ඈඳුනොත් බරපතල ප්‍රථිවිපාක වලට මුහුණ දීමටසිදුවෙන බවට.

මේ තමයි රුසියානු හමුදාව අතේ තියන අන්තිම තුරුම්පු තුන. මේකෙනුත් පලවෙනි තුරුම්පුව හෙවත් හයිපර් සොනික් මිසයිලරුසියානු හමුදාව දැනටමත් පාවිච්චි කරනවා. මහා විනාශයක් කරන්න පුළුවන් මේ මිසයිල මිලෙන් අධිකයි. මේ නිසාම තිබිය හැකිතොගත් සීමා සහිත වෙන්න පුළුවන්.

මේ මිසයිල වලින් පහර දීලත් යුක්‍රේනය යටත් කර ගැනීමට නොහැකි අවස්ථාවක තමයි පුටින් ජනාධිපතිවරයා චීනයෙන්සහයෝගය ඉල්ලන්නේ.

මේ අතරෙ යුක්‍රේන ජනාධිපතිවරයා ලෝකෙ වටේ විවිධ  පාර්ලිමේතු අමතමින් රුසියාවට පනවන ආර්ථික සම්බාධක දැඩි කරනලෙස ඉල්ලනවා එක්කම රුසියානු ප්‍රහාරක ගුවන් යානා වලට තමන්ගෙ අහස් සීමාවට පැමිනීමට නොහැකි වන ලෙසසම්බාධක පනවන ලෙසත් මහත්තයා ඉල්ලනවා.

 ඒකට හේතුව තමයි මිසයිල ප්‍රහාර හැරුණු කොට යුක්‍රේනයට එල්ලවෙන ලොකුම තර්ජනය එල්ල වෙන්නෙ ගුවන් ප්‍රහාර වලින්වීමයි.  

  රටවලට ගැලපෙන විදිහට, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඉතාලිය වගේම ජපාන පාර්ලිමේන්තුවත් අමතමින්  වැදගත් බලපෑමක් කරන්න මේ තරුණ ජනාධිපතිවරායා සමත් වෙලා තියනවා.

ඒත් එක්කම යුක්‍රේන නායකයා  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනා කරනව  මුහුණට මුහුණලා කරන සාකච්ඡාවකට.  

මේ ආරාධනාව මොස්කව් පාලනය තවමත් පිළි අරගෙන නෑ. නමුත්  යුක්‍රේන ආක්‍රමණයට කලින් රුසියානු පාලනය විසින් කරන ලදඉල්ලීම් ලිහිල් වෙන ආකාරයක් පේන්න තියනව මේ සතිය ඇතුලෙදි.

මොනවද මේ ඉල්ලීම්.

1. යුක්‍රේනය කිසිම විටක නේටෝ සංවිධානය හා එකතු නොවිය යුතුයි.

2. ක්‍රිමියාව හෙවත් ක්‍රිමේය රුසියානු පලාතක් ලෙස කියෙව් පාලනය විසින් පිලිගත යුතුයි.

3. යුක්‍රේන හමුදාව අති නවීන අවි ආයුධ වලින් සන්නද්ධ වීම නොකල යුතුයි.

4. රුසියානු පාලනය සමග සහයෝගයයෙන් කටයුතු කල යුතුයි.

දැන් යුද්ධය පටන් අරන් මාසයක් ගත වෙද්දි පලවෙනි අරමුණු දෙක ගැන විතරක් රුසියානු නායකයා අවධානය යොමු කරන බවතමයි පේන්න තියෙන්නෙ.

මෙන්න මේ ඉල්ලීම් දෙකට හෝ ඊට වැඩි ගණනකට එකඟවෙන්න කියෙව් පාලනයට බලකරන්න නම් රුසියානු හමුදාව සතුව යමක්තිබිය යුතුයි.

කියන්නෙ රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ ප්‍රධාන නගර දෙක තුනක් වත්යටත් කරගෙන තිබුනා නම් සාකච්ඡා මේසයේදී වැඩිබලයක්  රුසියානු කණ්ඩායමට හිමි වෙන්න ඉඩ තියනවා.

මෙන්න මේ බලය හිමි කරගන්න තමයි පුටින් පාලනය මේ තරම් වෙහෙස වෙන්නෙ රුසියානු හමුදාව සැලකිය යුතු පරාජයන් ලබලතියෙද්දිත්.

මේ සතිය ආරම්භ වීමත් එක්කම රුසියානු හමුදාවට කිලෝ මීටර් කීපයක්ම පහුබහින්න වෙලා තියනව තමන් අතපත් කරගත්ප්‍රදේශ අතෑරලා.

දෙපැත්තටම සිදුවෙලා තියන හානි ගණන් කරන්න බැරි තරමට විශාලයිනමුත් රුසියානු හමුදාවට සිදුවූ හානි බොහෝම බරපතලබවයි යුධ විචාරකයන් කියන්නෙ.

ඒත් එක්කම තවත් මධ්‍යස්ථ විචාරකයන් කියන්නෙ රුසියානු හමුදා තාවකාලිකව පහු බහින්නෙ වඩා හොඳින් සංවිධානය වෙලා.. තරුණ හටයන් වෙනුවට පලපුරුදු සේනාංක සහිත හමුදාවකින් වැඩි බලයකින් යුතු ප්‍රහාර එල්ල කරන්න සූදානමකින් විය හැකිබවයි.

මරියොපුල්, කාර්කිව්, කර්හ්සන් වගේ  නගර වලට නොකඩවාම බෝම්බ හා ශෙල් වෙඩි ප්‍රහාර එල්ල වුනත් මේ එක නගරයක් වත්තවමත් රුසියානු හමුදාව යටතට පත්වෙලා නැහැ

එක්කම ලෝකයේ විවිධ රටවල ඉන්න යුක්‍රේna ජාතිකයන් තමන්ගෙ රට රැකගන්න සටනට දිනපතා එකතු වෙමින් ඉන්නවා.

මේ සිද්ධි මාලාවෙදි තමන්ගෙ ප්‍රථිරූපය හානි කරගත් පුටින් ජනාධිපතිවරයා ගැන වැඩි අවධානයක් යොමු කරන්න වටිනවා.

ඒකට හේතුව තමයි රුසියාව ඇතුලෙන්ම සැලකිය යුතු විරෝධයක් පුටින් ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වීමත් මැදපෙරදිගබටහිර අප්‍රිකානු හා ආසියානු රටවල ඔහු පිලිබඳ ගොඩනැගී තිබූ ප්‍රථිරූපය බිඳ වැටීමත් තුල ඔහු වැනි නායකයෙකු වියරු වැටීමටබොහෝ ඉඩ කඩ තිබීම.

ඩිපෝවෙ චන්දරේ මාමා කියනව වගේ නේටෝවට බැහැ බෝම්බයක් ගෙනල්ල ක්‍රෙම්ලිනය උඩට අතාරින්න. එහෙම වුනෝතින් ඒකතුන්වෙනි ලෝක යුද්ධය බව චන්දරේ මාමට වැටහෙන්නෙ නෑ.

නිසා තමන්ටම සීමාවුණු සත්‍යයක් තුල ජීවත් වෙන එකාධිපති නායකයෙක් එක්ක ගණුදෙනු කරද්දි  මීට වඩා සංයමයක් ලෝකනායකයන්ට තිබිය යුතුයි.

මෙතැනදි අපි අදහස් කරන්නෙ නෑ.. නේටෝ සංවිධන්නය හෝ ඇමරිකා එක්සත් ජනපදය ජයග්‍රහණය කල යුතුයි කියලා.

නමුත් තවත් රටක් ආක්‍රණය කරල අහිංසක මිනිස්සු මිලියන ගාණකට උන්හිටි තැන් අහිමි කරපු යුද්ධයක් අපි කොයිම විටක වත්අනුමත කලයුතු නෑ.

වගේම පුටින් සහෝදරයාගේ සෝවියට් රජය බිහි කිරීමේ අරගලය සහය දෙන  බකමූණු වැවේ සිරිපාලගෙ සටන් පාඨ එක්කඑකඟ වෙන්නත් බෑ.

හේතුව කරුණු කාරනා එක්ක අපි සාකච්ඡා කලා, දැනුවත් වුනා පුටින් පරිපාලනය කියන්නෙ සමාජවාදී අදහස් වලට විරුද්ධවගොඩ නැගුනු ක්‍රෝනි කැපිටලිසම් පාලනයක් කියල.

(ඒකෙන් අදහස් වෙන්නෙ ඉතාම ධනවත් ව්‍යාපාරිකයන් බලවත් පුද්ගලයන්ගේ හිතවත් කම් මත ගොඩ නැගුනු කූඨ ධනවාදී පාලනක්‍රමයක්.)

මේ ගැටුම් හා යුද්ධ වලින් අපි වටහා ඕනෙ මොකද්ද..?

යුද්ධයෙන් දිනන්නෙ අවි වෙළෙන්දො.. ව්‍යාපාරිකයො. චීන හා ඇමරිකානු පාලකයො මිස රුසියාව හෝ යුක්‍රේනය නොවන බවනැවත නැවතත් කියන්න අවශ්‍යයිද. මොන යුද්ධයකින් වුනත් පරාද වෙන්නෙ අහිංසක මිනිස්සු.

ජීවිත කාලය පුරා ගොඩනගපු නිවෙස් උඩට බෝම්බ  වැටෙද්දි දිනන්න පුළුවන් කෙනෙක් ඉන්නව නම් සතුටු වෙන්න පුළුවන්කෙනෙක් ඉන්නව නම් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න බෑ.

Malcolm sang 

(මාර්තු 24 දා ලියූවක් බව සලකන්න)

Social Sharing
නවතම විදෙස්