රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?

යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන් අයුරින් උපකාර කර ඇති බව වාර්තා වෙනවා. තව ද යුක්‍රේන ජාතික සරණාගතයින් මිලියන 2කට වැඩි පිරිසක් තම රටට ගෙන්වා ගෙන ඔවුන්ට පහසුකම් සලසා දී තිබෙන බවට මාධ්‍ය වාර්තා කර ඇති අයුරු දැක ගන්න ලැබුණා.

මේ හේතුවෙන් පෝලන්ත යුක්‍රේන දේශසීමා වලට රුසියනු හමුදාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට වාර්තා වෙනවා.

කෙසේවෙතත් මෙම තත්වය නිසා නේටෝ හි සාමජික රටවල් තම දේශ සීමා ආරක්ෂා කර ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවයි සඳන් වෙන්නේ.

Social Sharing
නවතම විදෙස්