මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි.

එසේම තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් සඳහන් කර ඇත.

තවඳ ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවත්. එසේම ඒ සඳහා සිය හමුදාවට උපකාර කරන ලෙසත් ය.

එබැවින් මෙම වීඩීයෝ පණිවිඩය, සිය හමුදා බලඇණිය ලෝකය ආමන්ත්‍රණය කරන අවසන් අවස්ථාව විය හැකි බව මරියපෝල් හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් පවසයි.

Social Sharing
නවතම විදෙස්