පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ. පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින් සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර 21 පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවතී ඇති අතර එහිදී පොහොට්ටුව ඉල්ලාසිටිනු ලැබූ වෙනස්කම් සමගින් මෙම සංශෝධනය එලබෙන කැබිනට්ටුවට ඉදිරිපත් වෙනු ඇත. මෙහිදී 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති රැසක් සංශෝධනය කොට එම බලතල වත්මන් ජනාධිපතිවරයාගේ කාලසීමාවෙන් පසුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන අතර ඒ සඳහා විශේෂ වගන්තියක් මෙම සංශෝධනයට ඇතුලත්…
Read MoreTag: podujana peramuna members
සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම හේතුවෙන් මොවුන් ඊයේ දින සීඅයිඩී අත්අඩංගුවට ගනු ලැබිණි. එසේම මෙම චෝදනාවම ලැබ සිටි මොරටුව හිටපු නගරාධිපති අමල් සිල්වා යන අය ද ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගෙන ඇත.
Read More9 දා ප්රචණ්ඩත්වය ඇරඹූ සනත් නිශාන්ත අත්අඩංගුවට
පසුගිය 9 වන දින අරලියගහ මන්දියර ඉදිරිපිට සහ ගාලුමුවදොර ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාඑල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
Read Moreපාර්ලිමේන්තු චන්ඩීන්ගෙන් මාධ්‍යවේදීන්ට පහරදීමක්
පාර්ලිමේන්තුවේ අද (17) පැවති පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන පැහැරගෙන ඇතැයි වාර්තා වෙයි. මෙසේ පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක්වී ඇත්තේ, ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන මාධ්‍යවේදීන් දෙදෙනාය. ඔවුන්ට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා බව දැනගන්නට ලැබෙන අතර මෙහිදී මෙම මන්ත්‍රීවරුන් ‘උබලා තමයි මේ රට ගිනි තිබ්බේ’ යනුවෙන් මාධ්‍යවේදීන්හට මරණීය තර්ජන එල්ලකර ඇත. මේ පිළිබඳව අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා පොලීසියට පැමිණිලි කර ඇත.
Read Moreගෝඨා ගෝ ගමට පහර දීපු අය අත්අඩංගුවට
මැයි 9 වන දින ගෝල්ෆේස් සාමකාමී උද්ඝෝෂණයකයින්ට පහර දුන් හිටපු අමාත්‍යවරුන්,මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුඅත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ CID භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක සහ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුතෙන්නකෝන් යන අයගේ නම් සදහන්ය.
Read Moreමහින්දට ඉන්න කියන්න, පොහොට්ටුවෝ කොළඹට කැඳවයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට වහාම ධුරයෙන් ඉවත්වෙන්නැයි කළ දැනුන්දීමට අනුව හෙට (9) මහින්දරාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වෙන්නට තීරණය කිරීමත් සමග එම තීරණය වෙනස් කරන්නට ජනාධිපතිවරයාට බලපෑම්කිරීම සඳහා හෙට (9) අරලියගහ මන්දිරය අභියසට පොහොට්ටු ආධාරකරුවන්ට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණ සියආධාරකරුවන්ට දැනුන් දී ඇත. මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වන එම පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා ගේ මෙමඉල්ලාසිටීම පිළිබඳව තම පක්ෂයේ මතය හෙට අරලියගහ මන්දිරය අභියසට පැමිණෙන ජනතාව හමුවේ ප්‍රකාශ කරන බවය.
Read Moreලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය
ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම් සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන රාජපක්ෂලාගේ නම් එම කැබිනට් මණ්ඩලයට ඇතුළත් නොවී තිබීමය. “අපට බහුතරයක් තිබෙනවා. සැකයක් තිබෙනවා නම් 113 ක් අත්සන් කර විශ්වාස භංගයක් ගෙනවිත් පෙන්වන්න. අපි විපක්ෂයට යන්නම්. කැමති කෙනෙක් ආණ්ඩුව අරගෙන කරන්න.”යි මහින්ද මහතා කියනු ඇත. මෙය අලුත් අභියෝගයක් නොවේ. අර්බුදය ඇවිලී යද්දී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට කළ අභියෝගයමය. ඇඳිරි නීති, මර්දන පොලිස් ප්‍රහාර, කඳුලු ගෑස්,අත් අඩංගුවට…
Read Moreගම්මන්පිලගේ කට වහයි..!
පසුගිය දා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයෙන් නෙරපා දැමූ අමාත්‍ය උදය ගම්මන්පිළට අද (10) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය වෙලාව ලබාදී නැත. වත්මන් ආණ්ඩුවේ ප්‍රධන පක්ෂයක්වන පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායකයාද වන ඒ මහතා අද දිනයේ දී පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට තමන්ට අවශ්‍ය බව දන්වා තිබිණි. එයට ප්‍රතිචාර ලෙස ආණ්ඩු පක්ෂයද දන්වා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ වේලාවෙන් අවස්ථාව ලබා නොදීමට තීරණය කර ඇති බවයි.
Read Moreවාසු සහ සී බී ඉල්ලා අස්වෙයි?
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් නෙරපීම පිළිබඳව සිය විරෝධය දක්වමින් තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන වාසුදේව නානායක්කාර සහ සී බී රත්නායක අද (04) සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. මෙහිදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඉහත අමාත්‍යවරුන් දෙදෙනා ඉවත් කිරීම පිළිබඳව විරෝධය දක්වා අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වුණත් සී බී රත්නායක අමාත්‍යවරයා ඉවත්ව යන්නේ මෙම කැබිනට් සංශෝධනයේදී හොඳ අමාත්‍යාංශයක් නොලැබීම නිසා සහ තම දිස්ත්‍රික්කයේම එස් බී දිසානායකට ප්‍රබල අමාත්‍යාංශයක් ලබාදීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් බව ඔහුට සමීප ආරංචි ප්‍රකාශ කරයි. මේ අතර ‘රට හරි මගට’…
Read Moreකැබිනට් මණ්ඩලයේ තුනෙන් එකක් දුෂිතයි! – ITJP
ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් අතරින් තුනෙන් පංගුවකට පත්වීම් ලබා දී ඇත්තේ දූෂණ වංචා හෝ මිණිමැරුම් චෝදනා ලබා තිබියදී බව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් වී තිබේ. චූදිතයන්ගේ ඡායාරූපද සහිත තොරතුරු රූප සටහනක් ප්‍රසිද්ධියට පත් කරමින් දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය නිමිති කොට එම අධ්‍යයනය කර ඇති සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) පෙන්වා දෙන පරිදි පවරා ඇති නඩු සමහරක් තවමත් විභාග වෙමින් පවතී. “නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම යනු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලබන නිලධාරියකු වේ නම්, රාජ්‍යයේ ඉහළම තානාන්තර වලට පත් කරනු ලැබීමට පෙර සිය නම සුද්ද කර ගැනීමයි,” යනුවෙන්…
Read More