සනත් නිශාන්‍ත සහ මිලාන් ජයතිලක 25 තෙක් රිමාන්ඩ්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක යන අය ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එනම් පසුගිය 9 වන දා ගෝල්ෆේස් සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීම හේතුවෙන් මොවුන් ඊයේ දින සීඅයිඩී අත්අඩංගුවට ගනු ලැබිණි.
එසේම මෙම චෝදනාවම ලැබ සිටි මොරටුව  හිටපු නගරාධිපති අමල් සිල්වා යන අය ද ලබන 25 තෙක් රිමාන්ඩ් භාරයට ගෙන ඇත.
Social Sharing
නවතම