කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් වලට බෙදන්න තිබූ හාල් කිලෝ 200ක් අතුරුදන් – පොලීසිය පරීක්ෂණ අරඹයි

කන්තලේ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් සඳහා බෙදා දීමට ග්‍රාම නිළධාරී නිළසෙවන තුල තැන්පත් කර තිබූ හාල් කිලෝ 200 ක් සොරා ගෙන ඇති බවට කන්තලේ පොලීසියට වාර්ථා වී තිබේ.

ග්‍රාම නිළධාරී නිළසෙවනේ මෙම හාල් මිටි 24 වෙනිදා තැන්පත් කිරීමෙන් දින තුනකට පසු 27 වෙනිදා විවෘත කරණ අවස්ථාවේදී තැන්පත්කර තිබූ හාල් මිටි 10ක් අස්ථාන ගත්වී ඇති බවට නිළධාරින් කරන ලද පැමිණිල්ල සම්බන්ධව වහා ක්‍රියාත්මකවූ කන්තලේ පොලීසියේ අපරාධ අංශය පැය 24 ක් යන්නට මත්තෙන් සැකකරුවන් සොයා ගැනීමට සමත්ව ඇත.

හාල් තැන්පත් කර නිළසෙවන ආසන්නයේ ඇති ඇන්කර් කැළය නමින් ප්‍රසිද්ධ ප්‍රදේශයේ පදිංචි එක් දරු යුවලක් සැක පිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 24 ත් 22 වියේ පසුවන්නන් ය.

සැකකරුවන් අද 29 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කන්තලේ මූලස්ථාන පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ අ‍ංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් දයානන්ද මහතා ඇතුළු නිළධාරින් ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරනු ලබයි.

Social Sharing
නවතම පුවත්