සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයකට දස අවුරුද්දක් තිස්සේ නොසැලකිල්ල!

communication and media studies in sri lanka ceylon teachers union

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පාසල් තුළ  ආරම්භ කර  වසර දහයකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා  විෂය අධ්‍යක්ෂවරු පත් කිරීමට කටයුතු කර නොමැති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ජුනි 04  දිනැති ගැසට් පත‍්‍රය මගින් ශ්‍රී  ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගයට අයඳුම්පත් කැඳවා ඇති අතර  එම ගැසට් නිවේදනයේ එක් එක් විෂයයන්ට අදාළව පවතින පුරප්පාඩු දක්වා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ. මීට හේතු වී ඇත්තේ එම විෂයට අදාළ විෂය අධ්‍යක්ෂ තනතුර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරවා නොගැනීම බවයි ලංකා…

Read More

ඉංග්‍රීසියෙන් ඉගැන්වීම සහ ඉංග්‍රීසි ඉගැන්වීම

Government attention to teaching in English medium from first grade

පාසැලේ පළමුවන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවට පුවතක් පළ වී තිබේ. මෙය ඇත්තක් නම් මේ කරන්නට හදන්නේ අධ්‍යාපනයේ මාධ්‍යය ලෙස මෙතෙක් පිළිගෙන තිබූ ස්වභාෂා අධ්‍යාපන ප්‍රතිපත්තිය අතහැර දැමීමය. ස්වභාෂා අධ්‍යාපනය කන්නංගර අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයයි. එසේම මෙය ලෝකය පුරාම පිළිගත් වැදගත් අධ්‍යාපන මූලධර්මයකි. ස්වභාෂා අධ්‍යාපන මූලධර්මය යනු ජීවිත කාලය පුරා එකම භාෂාවක් ඉගෙන ගැනීම සහ එකම භාෂාවකින් ඉගැන්වීම නොවේ. අඩුම තරමින් ප්‍රාථමික අධ්‍යාපනය වත් දරුවාගේ මව් භාෂාවෙන් ලබා දීමය. අප රටේ අධ්‍යාපනයට අදාල සමාජ දර්ශක මේ තරම් හෝ යහපත් වූයේ ස්වභාෂා අධ්‍යාපනයට මුල්…

Read More

ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න – ලංකා ගුරු සංගමය

Teachers and Principals vaccine in sri lanka online education

මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි තවමත් අධ්‍යාපන බලධාරීන් කථා කර නැතැයිද ඔහු කියා සිටියි. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ලක්ෂ අටකට වැඩි ළමයින් පිරිසක් තමන්ගේ විභාග සම්බන්ධව දැඩි ආතතියකින් සිටින බවත් ඔවුන්ගේ විෂය නිර්දේශ තවමත් ක්‍රියාත්මක වන ආකාරයක් පිලිබද අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර නැති බවත් අවධාරණය කරයි. ඇමරිකාව වැනි රටවල මේ වන විට ෆයිසර් එන්නත ළමයින්ට පවා ලබා දෙන…

Read More

Joshep stalin | ගුරු විදුහල්පතිවරුන්ට එන්නත අනිවාර්ය කරන්න

Read More

සෞභාග්‍ය රටේ දරුවන්ගේ ඔන්ලයින් කෙරුවාවට විඳින දුකක්!

Issues in online education current covid situation sri lanka

පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය දරුවන්ගේ අධ්‍යාපනය දැන් සිදුවන්නේ මාර්ග ගත (online) ක්‍රමයට ම බැවින් ඉන් තම දරුවන් ගිලිහෙනු ඇතැයි යන බියෙනි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවන මිනිසුන් ට මෙවර සිදු වූයේ තමන් මෙතෙක් අත් නොවිදි අත්දැකීම්වලට ය. කිසි දිනක ස්මාර්ට් ජංගම දුරකථනයක් හසුරුවා නැති අහිංසක ගැමියන් අන්තර් ජාල සේවා සපයන ආයතන වෙත රවුටර් මිලදී ගැනීමට පැමිණ ඒවා ක්‍රියා කරන ආකාරය…

Read More

මෙවර O/L – A/L  විභාග සඳහා පෙනී සිටින ලක්ෂ අටක සිසුන් පිරිස අර්බුදයක!

Students appearing for exams in crisis covid 19 situation education

කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර  අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දරුවන්ට අහිමි වන පාසල් කාලය සම්බන්ධයෙන් තවමත් විධිමත් වැඩපිලිවෙලක් සැකසීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවය. මේ වන විට අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස දක්වාද දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි මස දක්වා ද කල් දමා ඇති බව පෙන්වා දෙන…

Read More

ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාර අධීක්ෂණයට ගුරු සංගම් විරෝධය

online education monitoring system ceylon teachers union

තමන්ගේ මුදල් වියදම් කරගෙන ස්ව කැමැත්තෙන් දරුවන්ට ලබා දෙන ඔන්ලයින් අධ්‍යාපනය බලහත්කාරයෙන් අධීක්ෂණය කිරීමට කිසිදු අයිතියක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. අමාත්‍යාංශය මේ ආකාරයෙන් ගුරුවරුන්ට බල කරන්නේ නම් වෘත්තිය සමිතියක් ලෙස මේ ක්‍රියාවලියෙන් බවත් වෙන්න කටයුතු කරන බවද ඒ මහතා පවසයි. ගිය වසරේ පාසල් පැවැත්වූයේ දින 71 ක් පමණක් බවත් මේ වසරේද දරුවන් හතලිස් තුන් ලක්ෂයක්ගේ පාසල් අධ්‍යාපන කාලය අහිමි වෙමින් ඇතැයිද මෙය බරපතල කාරණාවක් බවත් ඔහු පවසයි. අධ්‍යාපන ලේකම්වරයා පවසන ආකාරයට ළමයින්ට දිගින් දිගටම ඔන්ලයින් අධ්‍යාපනය ලබා දෙන අතර එය අධීක්ෂණය කරන…

Read More

රෑ 12න් පස්සේ තමයි වැඩිපුර ඔන්ලයින් පන්ති තියෙන්නේ

covid situation of online education in sri lanka

ගුරු උපදේශිකා රේණුකා පද්මිණී නයිට් ටයිම් ඩේටා සාමාන්‍යයෙන් හම්බෙන්නේ රාත්‍රි 12 සිට උදැසන 8 දක්වා කාලය තුළයි. ඒ වගේම බෝනස් ඩේටා ලැබෙනවා. මේ වන විට අපිට අහන්න ලැබෙනවා, මෙම පැකේජ් වලට තමයි ළමයි හුරු වෙලා තියෙන්නෙ ඔන්ලයින් අධ්‍යාපනයේදී, ඒක කොයිතරම් දුරට සත්‍යයක්ද? රෑ 12ට ටියුශන් පංතියකට සම්බන්ධ වුනාම මේවා අවසන් වෙද්දි පාන්දර 3 -4 වෙනවා. ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? මගේ අත්දැකීම අනුව මම සිතන්නේ මෙහෙමයි. දරුවන්ගේ පැත්තෙනුත් දරුවන්ට ප්‍රශ්ණ තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙද්දි ඩේටා විශාල ප්‍රමාණයෙන් වැය වෙනවා. එවිට දරුවන් හා ගුරුවරුන් යන දෙගොල්ලන්ටම මෙම ගැටලුව තියෙනවා.…

Read More

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය

Ceylon Teachers Union Posts of Principal

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට  දේශපාලන පළිගැනීම් කමි‍ටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක් නොව මහ පාරේ අරගලයක් දක්වා දියත් කරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ සවස (30) මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. ” පසුගිය යහපාලන සමයේත් දේශපාලන පලිගැනීම් කියලා විශාල පිරිසකට දේශපාලන පත්වීම් දෙන්න උත්සාහ කළා.නමුත් අපි එයට එරෙහිව…

Read More

දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන අධ්‍යාපන දෙපාර්තමේන්තුව

ministry of education department Ceylon Teachers Union

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබු 2021 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය මෙම අගෝස්තු මාසයේදී පෙර සැලසුම් පරිදි නොපවත්වන බවට විභාග දෙපාර්තමේන්තුව පැවසු බව මාධ්‍ය මඟින් වාර්තා කර සිටියේ ඊයේ (14) දිනයේය. ඇතැම් පුවත්පත් වලද අද දිනයේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණේ මෙම ප්‍රවෘත්තියය. එම පුවතට අනුව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා විසින් මෙම විභාග කල් දැමීමට හේතුව ලෙස සඳහන් කර තිබුණේ  විෂය නිර්දේශයන් ආවරණය කිරීමට නොහැකිවීම නිසා බවය. ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා බලා හැකි ඉක්මනින් විභාග පවත්වන දින වකවානු සම්බන්ධයෙන්…

Read More