අධ්‍යාපනයේ අප කොතැනද?

situation of education in sri lanka

ශ්‍රී ලංකාව තුළ අවුරුදු 20 ක ගුරු සේවයෙන් පසු මා ස්වීඩනයට පැමිණි මුල් කාලයේ භාෂාව ඉගෙන ගැනීමට පොත් බෑගයක් කරේ දමාගෙන නැවතත් පාසැල් යන විට මා මෙරට ගුරුවරියන් විය හැකියි කියා සිතුවේ නැත.. එහෙත් පළමුව භාෂාව ඉගෙන ගැනීමට යොමු වීමත් සමග දිගින් දිගට නොදැනීම අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහලට ගිය නිසා මගේ සුපුරුදු රැකියාව ස්විඩනය තුලදී 2010 වසරේදී නැවතත් මට ලැබුණි.

මුලදී මටම අදහා ගන්නට නොහැකි වුවත්  ඇත්තටම මා අද ඒ ගැන ආඩම්බර වෙමි. එහිදී පළමුව මා මගේ  ලංකාවේ ගුරු සේවය දෙස හැරී බැලූ විට මාහට ඇති වුණේ ලොකුම කනගාටුවකි .එදා අපේ රටේ හොඳ ගුරුවරු ගණයට වැටී සිටි මා මෙහි අධ්‍යාපන ක්‍රමවේද ශිල්ප ගැන දැනගැනීමෙන් ඇත්තටම ස්වයං විවේචනයක් නො කරන්නේනම් මා වoක පුද්ගලයෙකි.

situation of education in sri lanka

වෙන රටක ගුරුවරියක් මේ රටේ ගුරුවරියක් ලෙස සේවය කිරීමට නම්  භාෂාව ඉගෙන ගත යුතුය.. පසුව අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ මට්ටමේ ඉගෙනීම ලබා ඉන්පසු අවුරුදු තුනක විශ්වවිද්යාල අධ්‍යාපනය ද අවුරුද්දක් ගුරු වෘත්තිය පිළිබඳ විශේෂ පුහුණුවක් ද ලැබිය යුතුය.  ගුරු වෘත්තියට පළමුව පාසලක් තුළ පුහුණුව මාස හයකි පළපුරුදු තමන්ගේ විෂයට අදාළ ගුරුවරියක යටතේ මෙම පුහුණුව ලැබිය යුතුය . මා මෙහි ගුරු වෘත්තිය ඇරඹුවේ ඔය සියල්ල අවසානයේය.

එහිදී මම ලංකාවේ පරණ අත්දැකීම් හා ඉගැන්වීමේ ක්‍රම මතකයට නැගෙන විට එදා අප විෂය නිර්දේශයට අනුව වැඩි වැඩියෙන් ගණිත ගැටළු ක්ෂණිකව විසඳීමේ කුසලතා ලබා දීමේ අරමුණු පෙරදැරි කරගෙන දරුවන් ට ගණන් හැදීමට දක්ෂතාව ලබාදීමට වෙහෙසීම අපේ යුතුකම හා වගකීම යැයි සිතා පන්තියේ හා ගෙදර වැඩ හැකිතරම් පවරා දරුවා අති දක්ෂයකු කිරීමට විශාල පීඩනයක් යෙදවූ අයුරු සිහියට නැගුණි ..ඒ අතර දිනපතා පැවරුම්. වාරවිභාග මාසික පැවරුම් ගෙදරදී කිරීමට පැවරුම් යනාදී දත්ත මැනවින් විශ්ලේෂණය කොට අතිදක්ෂ දක්ෂ සහ දුර්වල ළමුන් බෙදා වෙන්කර ගුරු දෙගුරු සමිතියේදී දෙමාපියන්ද උදව් කරගෙන මොවුන් හට අමතරව දැනුම ලබාදීමට අමතර පන්ති වලට යොමු කිරීමද කලෙමි. නිවාඩු දවස් දෙකටද ගෙදරට ගෙන්වා දැනුම ලබාදීමට විභාග ඉලක්ක කර ඉගැන්වීමට දගලන දැගලිල්ල මතකයට නැගෙන විට ඇත්තටම දැණුනෙ කලකිරීමකි.

situation of education in sri lanka

මෙහි වයස අවුරුදු 7න් පාසැල් අධ්‍යාපනය පටන් ගන්නා දරුවා තුළ තම දැනුම කුසලතා සහ ආකල්ප සංවර්ධනයට පෙරහුරුව පෙරපාසලෙන් ලබාගෙන පැමිණෙන නිසා ඔවූන් අධ්‍යාපනයට යොමු කිරිම ඉතාමත් පහසු වේ. මෙම දරුවන් ට 6 සිට 9 දක්වා පන්තිය දරුවන් ට එක විෂයක් උගන්වන්නේ එකම ගුරුවරයෙකි.. උදාහරණයක් ලෙස 6 සිට 9 දක්වා ගණිතය උගන්වන්නෙ අවුරුදු 4ම එකම ගුරුවරයෙකි.. එයට හේතුව වන්නේ 9 වසරේදී අපොස සාමාන්ය පෙළ විභාගයට සමාන ඇගැයීමක් කරනු ලබන්නේ විෂය භාර ගුරුවරයා විසිනි. එහිදී අවුරුදු හතරක කාලය තුළ ගුරුවරයා දරුවාගේ ඇගයීම තුළින් දක්ෂතාවට සම්මානය ප්‍රධාන කරයි.. එය අපොස සාමාන්‍ පෙළට ගණිතය විෂය ට A. B. C D ගන්නවා වැනිය. උදාහරණයක් ලෙස 6 සිට 9 දක්වා ඉගෙන ගත් සිසුවකුගේ ගණිත දැනුමට අවසාන ප්‍රතිඵල ලබා දෙන්නේ රජයෙන් පවත්වන අපොස සාමාන්‍ පෙළ විභාගයෙන් නොව උගන්වන ලද ගුරුවරයා විසිනි..

මෙහිදී දරුවන්ට කිසිදු හදිසියකින් සහ පීඩනයකින් තොරව ගුරුවරුන් සහනසීලි ව දැනුම ලබා දෙන හැටි දුටු මා පුදුමයට පත් විය.. ඔවුන් කිසි කෙනෙකුට ගෙදර වැඩ පවරන්නේ නැත.. අමතර ටියූෂන් නැත. සති අන්තය විනෝදයෙන් ගත කරති එකිනෙකා අතර ඉගෙනීමේ තරගයක් නොමැත එහෙත් මෙහි විශේෂත්වය වන්නේ දඩිබිඩිය කින් තොරව ඉගෙන ගන්නා සිසුන් සියල්ලම පාහේ ඔවුන්ගේ ඇගයීම් අවස්ථාවලදී ලංකාවේ දරුවන්ට වඩා 80% ක් පමණ ඉහල ලකුණු ප්‍රමාණයක අත්පත් කර ගැනීමයි.. “අල්පේච්ඡතාවය හා මහෙශාක්ය “යයි යන දැක්මෙ ක්‍රමය යි.  මෙය නම්  දරූවන්ට සැහැල්ලුවෙන් සතුටින් සහනසීලි ලෙස  මනසට ගැලපෙන ප්‍රමාණය ට කාවද්දා ඇති  අධ්‍යාපන ක්‍රමවේදයයි.. දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය ට ලෝකය කුතුහලයෙන් යුතුව ගවේෂණය කිරීමට ළමුන්ට වැඩිපුර ඉඩ ප්‍රස්ථාව  සලසා දෙයි ළමුන් වසය 16 වැනි වියේදී තමන්ගේ අභිමතය පරිදි මාර්ග තුනක් ඔස්සේ ඉගෙනීම තෝරා ගත හැකිය ලංකාවේ වගේ දෙමව්පියන් දරුවන් දොස්තරවරුන් ඉංජිනේරුවරයකු වීම බලාපොරොත්තු වන්නේ නැත.. දරුවන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ට ඕනෑම අංශයක ඉගෙනීමට අවසර තිබේ. මෙහි පළමුවැන්න ඉහළ ද්විතීක අධ්‍යාපනයයි. වසර තුනක් පුරා දිවෙන මේ පාඨමාලාව සරසවියට සුදුසුකම් ලබන matriculation විභාග ඉලක්ක කොටගෙන පැවැත්වේ.. එහිදී තමන් කැමති විෂයයන් තෝරා ගැනීමට ළමයට ඉඩපහසුකම් ඇත ..මෙම matriculation විභාගයට පෙනී සිටින්නේ සමස්ත ශිෂ්‍ය ජනගහනයෙන් සියයට 40% පමණි ..බොහෝ සිසුන් තෝරා ගන්නේ දෙවැනි විකල්ප මාර්ගය වන වෘත්තීය පුහුණු වයි මෙහිදී දැනට කාර්මික විදුහල් මගින් විශිෂ්ට මේසන්වරු වෑද්දුම්කරු වන් විදුලි කාර්මික ශිල්පීන් මෝටර් කාර්මික ශිල්පීන් හා වායුසමීකරණ ශීතකරණ ශිල්පීන් වඩුවන් වැනි එකී මෙකී විශාල සංඛ්‍යාවක රටට බිහිවෙන අතර ඔවුන් ඉතා ඉහළ ආදායම් ලබන ශ්‍රමිකයන් පිරිසක් බවට අවධාරණය කිරීම ඉතාමත් වටිනාකමකි වාර්ෂිකව සරසවියට ඇතුළු වන ප්රමාණයට වඩා වැඩි පිරිසක් මෙම වෘර්තිය අධ්‍යාපනයට යොමුවේ.. තුන්වන විකල්ප මාර්ගය වන්නේ වයස 16 දී ළමයකු තුන්වන වැඩ කෙෂ්ත්රයට කැමතිනම් පාසල මැදිහත්වී ඔවුන්ට සුදුසු රැකියාවකට යොමු කිරීමයි .රැකියාවේ නියැලෙන අතර ඔවුන්ට අවශ්‍ය නම් උසස් අධ්‍යාපනය හැදෑරිය හැක ..පඩි සහිත නිවාඩු හා අනෙකුත් පහසුකම් හාම්පුතුන් විසින් අනිවාර්යෙන්ම ලබාදිය යුතුය..එ හෙත් මේ තෙවැනි මාර්ගය තෝරා ගන්නේ විශේෂ වූ ශිෂ්‍ය ජනගහනයෙන් සියයට 5%ක් වැනි සුළුතරයකි.

situation of education in sri lanka

මෙහි පාසල් වේලාව උදේ 9ත් හවස 2ත් අතර කාල පරාසයකට සීමාවෙනවා. එහෙත් ගුරුවරයකුගේ වාර්ෂික ඉගැන්වීම් කාලය පැය 600ක් වන අතර ඉතිරි කාලය ළමයි සමග ක්‍රියාකාරකම් වල වැඩිපුර යෙදේ .. ලංකාවේ ගුරු ගුරුභවතෙකුට ඉගැන්වීමට පමණක් පැය 1500ක් පමණ වේ! මෙහි පන්තිකාමරයක සිටින ළමුන් සංඛයාව15ක් වන අතර විෂයභාර ගුරුවරුන් ඔවුන් සමග අවම වශයෙන් වසර 4 ක් පමණ ගත කළ යුතුයි… මෙරට ගුරු-ගෝල සබඳතා ඉතා ශක්තිමත්ය. ..

මෙහිදී හැම දරුවා ගැන ම සොයා බැලීමට ගුරුවරයාට විශාල ලෙස ඉඩ සලසා ඇත ..මේ ගුරුවරුන් කෙතරම් විශිෂ්ටයන්ද කිවහොත් දරුවන් ටියුෂන් හෝ වෙනත් අමතර ඉගැන්වීම් වලින් පීඩනයට පත් නොකොටඅධ්‍යාපනය ලැබීම වෙනුවෙන් නොමැරී මැරෙන ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල දරුවන් අභිබවා ඔවුන් සියලු ගෝලීය මට්ටමේ තරග විභාගවලින් පෙරට ගැනීමට සමත් වී ඇත. පාසල් කාලේදී ඒකාකාරී බව ගුරුවරුන් හා ළමුන් බිඳ දමන්නේ මෙම දරුවන් සතියකට වරක් පමණ පරිසරයේ ස්වභාව සෞන්දර්ය නැරඹීමට පාසැලෙන් පිට කැලෑ පරිසරවල ඇවිදින්නට රැගෙන යාමයි එහිදී ඔවුන් පරිසරයේ සහ ජීවත් වන සතුන්ගේ වටිනාකම ගැන අධ්‍යයනය කරයි ඔවුන් පරිසරයට ආදරය කරන්නට හුරු වේ ඊට අමතරව ගැහැණු පිරිමි ළමයි දෙගොල්ලටම ජීවිතයේදී අත්‍යාවශ්‍ය වන පිනුම් ක්‍රීඩාව හා “ගෙදර දැනුම ” විෂයට අදාළව මැහුම් ගෙතුම් ඉවුංපිහුං වෘත්තිය ලෙස සුද්ධ පවිත්‍ර කිරීම් ගෙදර දොරට අවශ්‍ය සුලු වඩුවැඩ වැඩ විදුලි වැඩ සංගීතය නැටුම් වැනි ඉගැන්වීම් හරහා දැනුම ලබා ගනිමු ඉතාමත් අගය කළ යුතුය.

ඒ අනුව දරුවන් කිසිම මානසික පීඩනයකින් තොරව අධ්‍යාපනය ලබති ඇත්තටම මේ මේ අනුව රටවල් දෙකක ගුරුවෘත්තියේ වෙනස සංසන්දනය කිරීමේදී ස්වීඩන් අධ්‍යාපන ක්‍රමය ඉදිරියෙන් සිටින බව මට හැඟේ මා එසේ පවසන්නේ හේතු සහිතව ශ්‍රී ලාංකීය අධ්‍යාපනය ඉලක්ක කර ඇත්තේ විශ්ව විද්‍යාලයට යන ගිහිං පසුවත් ආණ්ඩුවේ ම රැකියා ආණ්ඩුවෙන්ම දෙතැයි බලා සිටින ඊනියා දක්ෂ යැයි කියන කොටසට පමණි.. අනිත් දරුවන් අතරමං වෙන අපගේ අධ්‍යාපන පද්ධතියට වඩා scandinavian අධ්‍යාපන ක්‍රමය විවිධ වූ දරුවන් සැමට ඉලක්ක වූ සම්පූර්ණ එකකි ..ඇත්ත වශයෙන්ම කිවහොත් ලොව හොදම අධ්‍යාපන ක්‍රමය ඇති පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ද මෙයයි කැන්ඩිනේවියානු රටවල් වන නෝර්වේ ඩෙන්මාර්ක් වැනි රටවලද භාවිතා කරන්නේ මෙම අධ්‍යාපන ක්‍රමයයි. මෙවන් පරිසරයක දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට හැකියාව ලැබීම මගෙත් වාසනාවක් යැයි සිතමි..

-සන්ධ්‍යා කොටලවල-  

Social Sharing
අවකාශය නවතම සාකච්ඡා