පාසල් පොත් බෑගයේ බර අඩු කරන්න නව චක්‍රලේඛයක්…

Heavy school bags in sri lanka

සිසුන් සඳහා සකස් කර ඇති “වැඩ පොත්” හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් පොත් බෑගයේ බර වැඩිවීම හේතුවෙන් පාසල් සිසුන්ගේ කොඳුඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ විසින පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව  සිසුන්ගේ පොත් බෑගයේ බර අඩුකිරීමේ එක් පියවරක් ලෙස තෝරාගත් පෙළ පොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ පිළිබඳව සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් ඇතුළත් චක්‍රලේකයක්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ සිසුන් වෙත ලබා දී ඇති පෙළ පොත් ආරක්ෂිතව පන්ති කාමරයේ තබා යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මීට අමතරව සිසුන් කණ්ඩායමකට එක් පෙළ පොතක් සේ රැගෙන ඒමට උපදෙස් දෙන ලෙසද එම චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

ඇතැම් විෂයන් සඳහා පොත් කිහිපයක් භාවිත කිරීම වෙනුවට එක් පොතක් භාවිතයට දරුවන්ට උපදෙස් දීම ද පාසල් බෑගයේ බර අඩු කිරිමේ යෝජනා අතරට ඇතුළත් වේ.

Heavy school bags in sri lanka

Social Sharing
අවකාශය නවතම