දෘශ්‍යමාන දඬුවම් වලට වඩා පාසල් පද්ධතිය තුළ තියෙන්නෙ අදෘශ්‍යමාන දඬුවම් බවත් ගුරුවරු, දෙමව්පියෝ දෙපිරිසම දරුවන්ට මෙවැනි දඬුවම් ලබා දෙන බවත් පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ. ඒ. ඩබ්ලිව් බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා එසේ පැවසුයේ “මනුෂ්‍යත්වය වෙනුවෙන් වද හිංසනයට එරෙහි වෙමු යන මැයෙන් පුත්තලම දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ විසින් සූම් මාර්ගයෙන් පැවති සාකච්ඡාවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,
“මම කියන්න කැමතියි දරුවන්ට වැඩි අධ්‍යාපනයක් ලබා දෙන අරමුණින් දෙමව්පියෝ දරුවන්ව විශාල පීඩනයකට ලක් කරනවා. වර්තමානයේ ඇතැම් ගුරුවරු පැය 3-4ක් එක දිගට දරුවන්ට ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපනය ලබා දෙනවා. ළමයින්ට එය පීඩාවක්. අනෙක් කරුණ ඇතැම් ගුරුවරු ඒ වගේම දෙමව්පියෝ දරුවන් එකිනෙකාව සංසන්දනය කෙරෙමින් දරුවන්ට බැනවදිනවා. ඒ වගේම පාසල් තුළ විවිධ හේතු මත දරුවන් කොන් කිරීම නොසලකා හැරීම වැනි දේවල් සිදු වෙනවා.
“මෙවැනි වදහිංසාවන්ට දරුවන්ට ලක් වීම තුළින් අපට අනාගතයේ ශිෂ්‍ය සම්පන්න පුරවැසියෙක් බලාපොරොත්තු වන්නට බැහැ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන නවක වදය ඒ මානසිකත්වය එන්නේ පාසැල තුලින්. පාසල තුල දඬුවමට විවිධ අඩත්තේට්ටම් වලට ලක් වන දරුවා පිටත සමාජය තුළ දී එවැනි දේ කිරීමට යොමු වෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ අසීමිත බලාපොරොත්තු දරුවෝ මත පැටවී වීම නිසාත් ඒ දරුවන් පීඩාවට පත්වෙනවා” “අනෙක් අතට සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා දරුවන්ට අසන්නට දකින්නට ලැබෙන දේවල් ඇතැම්විට ඔවුන්ගේ මානසිකත්වයට නොගැලපෙන අහිතකර දේවල් වෙන්න පුළුවන්. මේ නිසා මේ තත්ත්වය වළක්වා ගැනීමට පාසල් තුළ ගුරුවරු දෙමාපියන් දැනුවත් කිරීම, ඒ වගේම දෙමාපියන් තුළ ජීවන නිපුණතා වර්ධනය කිරීමට පියවර ගන්න පුළුවන් නම් එය ඉතා ප්‍රයෝජනවත් වෙයි. එය හුදු ප්‍රතිඵල ලේඛන වලින් එහා ගිය යහපත් දරුවකු, පුරවැසියෙකු බිහි කිරීමට ප්‍රයෝජනවත් වෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.
මෙම සංවාද මණ්ඩපයේ දී ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති නීතිඥ බැසිල් ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක, නීතිඥ දුලාන් දසනායක යන මහත්වරුන් ද අදහස් දැක් වුහ. සංවාදය මෙහෙයවනු ලැබූවේ නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු විසිනි. ආණමඩුව මානව හිමිකම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නිමල් අබේසිංහගේ මූලිකත්වයෙන් මෙම සංවාද මණ්ඩපය සංවිධානය කර තිබුණි.
-යශෝධරා-