එකම රටක අධ්‍යාපන ක්‍රමවේද දෙකක් ඇයි ?

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මේ ප්‍රශ්නයට විසඳුමක් තිබේ ද?

රජයේ පාසැල් වල ගෙන ගන්නා සිසුන් අපොස  සමාන්‍ය පෙළ O/L  පෙනී සිටින්නේ වයස අවුරුදු 16 දී ය

අන්තර් ජාතික පාසැල් International Schools වලින් ඉගෙන  ගන්නා සිසුන්  සාමාන්‍ය පෙළ London  O/L විභාගයට පෙනී සිටින්නේ  වයස අවුරුදු 14 දී ය

රජයේ පාසැල්වල ඉගෙන ගන්නා සිසුන් අපොස උසස් පෙළ A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු  19  කි.

එහෙත් අන්තර් ජාතික පාසල් වල ඉගෙන ගන්නා සිසුන් උසස් පෙළ   London A/L විභාගයට පෙනී සිටින විට වයස අවුරුදු 16 කි

ජාතික පාසැල් පද්ධතිය තුළ ඉගෙන ගන්නා සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළු වන්නේ වයස අවුරුදු 20  දී ය

එහෙත් අන්තර් ජාතික පාසල්  වල  ඉගෙන ගන්නා සිසුන්   London A/L  , Edexel ,Cambridge විභාග වලට පෙනී සිට
වයස අවුරුදු 17 දී මෙරට හෝ විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන අතර වයස අවුරුදු 22  –  23 වන විට උපාධිධාරීන් බවට පත් වෙයි

එහෙත් බහුතරයක් වූ   සිසුන්  රජයේ පාසල්වල අධ්‍යාපනය ලබා, විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකර උපාධිධාරීන් බවට පත් වෙන විට වයස අවුරුදු 26  –  27  විසි හතක් පමණ වේ

මුදල් හෝ වෙනත් වරප්‍රසාද අහිමි පවුල් වල දරුවන් නිදහස් අධ්‍යාපනයේ පිහිටින් සරසවි වරම් ලබා  උපාධිධාරීන් ලෙස පිටවනවිට ඔවුනට සම වයසේ වරප්‍රසාද ඇති පවුල්වල ශිෂ්‍යයින් අවුරුදු 3- 4  කට  කලින් උපාධිධාරීන් බවට පත්වී රැකියා අවස්ථා,උසස් වීම් සහ පශ්චාත් උපාධි අධ්‍යාපන වරම් හිමිකර ගෙන ඇත

එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ 26.1වගන්තියට අනුව උසස් අධ්‍යාපන සඳහා සදහා වන ප්‍රවේශ ක්‍රම පදනම් විය යුත්තේ කුසල තාවය  සහ සමානතාවය   ( MERIT and EQUITY)  මතයි .

එහෙත් අපේ රටේ සිදුවන්නේ ඊට ඉඳුරා ම පටහැනි ක්‍රියා මාර්ගයක් නොවේ ද ?

මුදල් සහ අනිකුත්  වරප්‍රසාද ඇති පවුල්වල දරුවන්ට  එක් අයුරකින් ද ,විවිධ දුෂ්කරතා සහ අගහිඟකම් ඇති නිදහස් අධ්‍යාපනය මත තම ජීවිතය ගොඩනඟා ගන්නා  දරුවන් ට වෙනත් අයුරකින් ද සලකන මේ ක්‍රමය වෙනස් විය යුතු නො වේ ද ?

Social Sharing
නවතම විශේෂාංග