Tag: Janatha Vimukthi Peramuna
හරිනි හරිද?
ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන ප්‍රකාශය හරිනි අමරසූරිය මන්ත්‍රීවරියගේ මේ ප්‍රකාශය බොහෝ අය අගය කරනවා. මේ ඇත්ත ජාතික ජන බලවේගය පවා කතාකරන්නේ නැහැ. ඇත්තෙන්ම, එක රැයින් මේ ප්‍රශ්න විසඳන්න බැරි බව ජනතාව දන්නවා. ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ඕනැ. අනෙක් පැත්තෙන් කොච්චර කැපවුණත් දේශපාලකයන්ට මේ ප්රශ්නය විසඳන්නට බැහැ. ඒ සඳහා ජනතාව කැපවෙන්න ඕනැ. දේශපාලනඥයන්ට පුළුවන් නායකත්වය දෙන්න විතරයි. රට…
Read Moreගෝනදෙනියෙන් පැමිණි විප්ලවාදියා නික්ම යයි !!!
පියසේන රාමනායකලාට පෙර තිබූ හම්බන්තොට මානව සමාජ සිතියම අපට සොයා ගන්නට උපකාර කරන්නේ ලෙනාඩ් වුල්ෆ්ය. ” Village in the jungle” නමින් ඔහු ලියූ පසුව ‘බැද්දේගම’ නමින් සිංහලට පරිවර්තනය වූ නවකතාව පරිකල්පනයක් වුවත් එය වුල්ෆ් පසුගිය සියවසේ ආරම්භයේ සියැසින් දුටු ගිරුවා පත්තුවය. වුල්ෆ් දුටු හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පැතිරුණු සමාජ ආර්ථික පසුබිම ගැන නිවැරදිව කියවිය හැක්කේ වුල්ෆ්ගේ හම්බන්තොට දින පොත් කියවීමෙන්ය. ලෙනාඩ් වුල්ෆ් මෙන්ම මෙකල හම්බන්තොට බූන්දල විසූ ගම්බාරේ නම් උගත් මිනිසෙකු ලියූ දිනපොත් සටහන් තුලින්ද යටත් විජිත සමයේ මේ ගිරුවාපත්තු සමාජ පසුබිම කියවිය හැකිය. වුල්ෆ් ගේ සටහන් අතර ගිරවා පත්තුව ගැන…
Read Moreජවිපෙ අභයන්තර මනස කියවමු!
ජනතා විමුක්ති පෙරමුණ තරම් අභයන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් පක්ෂයක් ලංකා ඉතිහාසයේ තිබුණද කියන ප්රශ්නය තවමත් රටේ රාළට නං තියනවා. සන්නද්ධ දේශපාලනය ඇතුළේ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඇතුළෙත් ඒක එහෙමයි. හැබැයි සන්නද්ධ දේශපාලනයේ සංවිධාන ආකෘතියම බහුජන දේශපාලනයටත් ආදේශ කිරීම ජවිපෙ අතින් උන බරපතල දේශපාලන වරදක්. ජවිපෙ අද තියන සංවිධානය රටාව ඇතුළේ උනත් මිල්ටරි හැඩයක් තිබුණා. ඒ වගේම ජවිපෙ ඇතුළේ තරම් විධිමත් දේශපාලන සංවාදයක් තිබුණ දේශපාලන ව්‍යාපාරයක් ලංකා ඉතිහාසය තියෙන්න නැතිව ඇති. තිබ්බා නං ඔය සමසමාජ, කොමියුනිස්ට් පක්ෂලමවල මුල් කාලේ තමයි. වැඩේ තියෙන්නේ දැන් ජවිපෙ ඇතුළේත් එහෙම දේශපාලන සංවාදයක් නෑ. එදා ඒ සංවාද…
Read Moreවිද්‍යාරත්නලාට තනියෙන් හොරු ඇල්ලිය හැකිද?
දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල පම්පෝරිවලින් එහාට ගිය රට ගොඩනැගීමේ පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන කථාව රටේ රාළ මතු කරන්නේ දැන්ට අවුරුදු කීපයක ඉදන්. ඇත්තටම තවමන්ම රට ඉදිරියේ තියන්න එහෙම පොදු වැඩපිළිවෙළක් නිර්මාණය නොවීම කනගාටුදායකයි. ඒත් සමාජය ඇතුළේ රට ගොඩනැගීමට පොදු වැඩපිළිවෙලක් ඕනෑ කියන දේශපාලන සංවාදය ගොඩනැගිලා තියනවා. ඒ සංවාදය ඇතුළේ බොරු පුද්ගල පම්පෝරි අභියෝගයට ලක්වෙලා තියනවා. ඒ සංවාදය ඇතුළේ රාජපක්ෂලා නං කුජීතම වෙලා ගිහිල්ලා. ඒ සමාජ සංවාදය විසින් ගොඩනගපු පීඩනය ඒ පුද්ගලයන්ට වගේ දේශපාලන පක්ෂවලටත් දැනෙන්න පටන් අරන්. ඒක නිසා රටේ රාළලා ගොඩනගපු මේ සමාජ සංවාදය සීරෝ නෑ. අඩුම ගානේ ඒක…
Read Moreජයග්‍රහණයේ මොහොත යනුම පරාජයේ මොහොතකි!
ජාතික ජන බලවේගය ගෝලීය (වසංගත) ධනවාදයට එරෙහිව විමුක්තිවාදී ව්‍යාපෘතියක් යෝජනා කරන්නේ නැත. පසු ජාතික ප්රාග්ධනය හා එහි විවිධ ආධිපත්‍යයන් පිළිබද පැහැදිළි අවබෝධයකින් තොරය. දෘෂ්ටිවාදී අරගලයක ඇති ප්‍රමුඛත්වය අවධාරණය කරන්නේ නැත. න්‍යාය පත්‍රයක් හා වැඩපිළිවෙලක් ලෙස සමාජවාදය පිළිබද සෘජු ප්රකාශනයක් නැත. මේ කිසිවක් මා ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු වන්නේ නැත. පසුගිය දා ලැබුණු ඇරයුම මත එකී සමුළුවට මා සහභාගි වූයේද ඉහත කිසිවක් ගැන කියනු අසන්නට නොවෙයි. එය එසේම විය. ඒවා නොකියා සිටින්නට ඔවුහු උපරිමයෙන් පරිස්සම් වී සිටියහ. එවැනි අරගලකාරී දේශපාලනයකට අවැසි උද්වේගය වෙනුවෙන් ජන අරගල වාම අක්ෂයක් තිබෙයි. වාමාංශය නාමයෙන් වන…
Read Moreදයා පතිරණ ඝාතනය සහ ඉන් අප උගත යුතු පාඩම්!
හරියටම මෙයට අවුරුදු 35 කට පෙර 1986 දෙසැම්බර් 15 දින ව්‍යාජ සාකච්ඡාවක් සංවිධානය කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරණ සහ ඔහුගේ සමීප සහෝදරයෙක් සහ මිත්‍රයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු ලැබිය. ඒ පැහැර ගෙන යාම කරනු ලැබූවේ රාජ්‍යට සම්බන්ධ ආරක්ෂක අංශ හෝ රහස් පොලිසිය නොවේ. ජවිපෙට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසිනි. ලංකාවේ ප්රචණ්ඩ දේශපාලන ඉතිහාසයේ කළු ලකුණක් සටහන් කල මේ ක්‍රියාව පෙන්නුම් කලේ ඔබ යම්කිසි වාමාංශික දේශපාලන මතයක් දරන්නේ නම් ඔබ ප්‍රවේසම් සහගත විය යුත්තේ ධනපති රාජ්‍ය තන්ත්රයෙන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ගෙන් පමණක් නොවේ. ඔබව පැහැර …
Read More“රහස් කියන කඳු” හරිම විසිතුරු ආත්ම ප්රකාශනයක්..!
මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද. සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න සෑහෙන කාලෙකට කලින්. ඒක පොඩි ටීසර් වර්ගයේ වැඩක්. එතකොට ෆිල්ම් එක බලලා සම්පූර්ණ විචාරයම ලියන්න ගියොත් ෆිල්ම් එක බලන්න ඉන්න එකාටයි කරපු එකාටයි දෙන්නටම සිද්ද වෙන්නෙ අසාධාරණයක්. මට ෆිල්ම් එකක් බැලුවම පහුවෙනිදා සියල්ල ලියන්න ඕන වෙනවා. නැත්තං තද කරගෙන දත්මිටි කාගෙන ඉන්න වෙනවා. මං කැමතියි මට ෆිල්ම් එකෙන් කරපු දේ ඒ කම්පනයත් එක්කම ෂෙයාර් කරගන්න.…
Read Moreඅනුරගේ කට තමයි කට..!
පසුගිය දෙසැම්බර් 10 පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට ඉතා වැදගත් හෙළිදරව්වක් කළා. රටේ රාළ ජවිපෙ දේශපාලනයට කිසිම විදිහකට එකඟ නැති කෙනෙක් කියලා ඔයාලා දන්නවා. ඒ එකඟ නැති දේශපාලන කඳවුරක කෙනෙක් උනත් හරි දෙයක් කළොත් ඒක අගයන්න රටේ රාළ දෙපාරක් හිතන්නේ නෑ. යුගදනව් බලාගාරයේ 40% ක කොටස් ඇමරිකන් සමාගමකට පැවරීමේදී ආණ්ඩුව හා අදාළ සමාගම අතර ඇතිවුණ, ඒ වගේ මෙච්චර කල් ආණ්ඩුව හංගගෙන හිටපු හොර ගිවිසුම ඊයේ අනුර සභාගත කළා. ඇත්තටම ඒක හොර ගිවිසුමක්. තක්කඩි ගිවිසුමක්. ඒ ගිවිසුම අත්සන් කිරීමේ දී විදිමත් කැබිනට් අනුමැතියක් ගත්තේ නෑ කියන චෝදනාව මුදල් ඇමති…
Read Moreවිදෙස් සංචිත දියව යෑමට හේතුව කොවිඩ් නෙවෙයි!
මෙරට විදෙස් සංචිත හිඟය හුදු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිදු වූවක් බවට අර්ථකථනය කිරීමට හැකියාවක් නැහැ. කොවිඩ් වසංගතය ගෝලීය තත්වයක්ව තිබියෙදීත් පොදුවේ ලෝකය තුළත් විශේෂයෙන් දකුණු ආසියාතික රටවල්වලත් විදෙස් සංචිත ප්‍රමාණයන් පසුගිය වසරක කාලය තුළ ඉහළ ගොස් තිබෙනවා. 2020 වසරේ දෙවන කාර්තුව හා 2021 වසරේ දෙවන කාර්තුව සලකා බැලුවහොත් ලෝකයේම විදෙස් සංචිතවල වටිනාකම පිළිවෙලින් ඩොලර් බිලියන 12,016.6ක සිට ඩොලර් බිලියන 12,817.19ක් දක්වා ඉහළ නැග තිබෙනවා. දකුණු ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින පවා මේ වසංගත තත්වය තුළ තමන්ගේ විදෙස් සංචිත ඉහළ නංවා ගැනීමට සමත් වී තිබෙනවා.…
Read More