රටක සෞඛ්‍ය අමාත්‍යාංශය යනු වැදගත් සුවිශේෂි අංශයකි. රටේ සියලුම සෞඛ්‍ය කටයුතු තීරණය වන ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් මේ වන විට ඇමතිවරු සිව්දෙනෙක් පත් කර ඇත. ඒ අතරින් කොවිඩ් රෝග පාලන පිලිබඳ කටයුතු මේ වන විට භාරව සිටින්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියය. නමුත් ඇයට අදාල කටයුතු සිදුකිරීම සඳහා නිදහසක් නොමැති බව මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. ඇය ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් ජාලයක් වී ඇති බවය. කොවිඩ් එන්නත්කරණය…
Read MoreTag: coronavirus news
ආණ්ඩුවේ “ගත වූ පැය 24 තුල දෛනික වාර්තා” බොරු! – PHI සංගමයේ සභාපති
මේ වන විට දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් ඇති බව රජය පැවසුවත් එය සත්‍ය නොවන බවත් මේ වාර්තා වන රෝගීන් අඩුවීමක් පෙන්නුම් කරන්නේ රට තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොව දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව අඩුවීම නිසා යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ගත වූ පැය 24 තුල දෛනකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය කියා අපට සංඛ්‍යාලේඛන පෙන්නුවද ඒවා සැබවින්ම ගත වූ පැය 24 දත්ත නොවන බවත් සාමාන්‍යයෙන් PCR පරීක්ෂණ දින 3-10 දක්වා කාලයක් ආපස්සට ගිය ඒවා බවද ඔහු පෙන්වා දෙයි. පසුගිය ආසන්නම දින තුනේ PCR පරීක්ෂණ ගම්පහ…
Read Moreඅඛණ්ඩ සෞඛ්‍ය සේවාවට අනවශ්‍ය අර්බුද එපා! – රවී කුමුදේශ්
මේ වන විට කොවිඩ් වසංගතය මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම වෙලාගෙන ඇත. කොවිඩ් ආසාදිතයින් 80,000 ඉක්මවා යද්දී කොවිඩ් ආසාදිත මරණ 500 ට ආසන්න වෙමින් ඇත. මේ ගෝලීය වසංගතයත් සමඟ සෞඛ්‍ය අංශ ඉටු කරන්නේ අපරිමිත මෙහෙයකි. නමුත් මේ වන විට සෞඛ්‍ය අංශ බරපතල කඩා වැටීමේ අවදානමකට ලක් වෙමින් ඇත. සෞඛ්‍ය සේවාව පිළිබඳ තීරණ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ගනු ලැබූ තීන්දු නිවැරදි නොකරමින්, සෞඛ්‍ය බලධාරීන් සිය වගකීම් පැහැර හැරීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය සෞඛ්‍ය අර්බුදයක් ඇතිකර තිබෙන බව වැඩ කරන ජනබලයේ සම කඳවුම්කරු රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේය. මාරාන්තික වසංගතයක්…
Read Moreමුස්ලිම් කොවිඩ් රෝගියකු ඝාතනය කළ බවට අනුරාධපුර රෝහලට චෝදනාවක්!
කොවිඩ් වැලඳී මියගිය මුස්ලිම් ජාතිකයෙකු රෝහලේදී ඝාතනය කළ බවට සැකයක් ඇතැයි කියමින් ඥාතින් පිරිසක් කර තිබෙන පැමිණිල්ලක් හා තවත් මුස්ලිම් මෘතදේහ දෙකක් ඇතුළු කොවිඩ් මරණ හතරක් මෘත ශරීරාගාරයේ සති කිහිපයක් තිස්සේ තැම්පත්කර තිබීම නිසා සියළුම පශ්චාත් මරණ පරික්ෂණ නැවත්වීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබුණි. ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ පෙබරවාරි මස (1දා) සිට කොවිඩ් වැලදුණු මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු තුනක් හා දමිළ පුද්ගලයෙකුගේ සිරුරුක් ගොඩගැසි තිබෙනා අතර පවතින අවධානම් තත්වය නිසා පශ්චාත් මරණ පරික්ෂණ පැවත්වීම වහාම අත්හිටුවීමට අධිකරණ වෛද්‍යවරුන් තීරණය කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ…
Read Moreකොවිඩ් නිසා සමාජ අපකීර්තියට පත් වූ පුද්ගලයින්ට මොකද වෙන්නේ.
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ හේතු වී තිබුණි. කොවිඩ් ආසාදිත රෝගියෙකු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සොයා යන අවස්ථාව වීඩියෝ කර මාධ්‍යයෙන් පෙන්වන්නේ අපරාධකරුවෙකු සොයාගෙන යන ආකාරයටය. මෙය මාධ්‍ය ආචාර ධර්ම අභිබවා ගිය ක්‍රියාවලියකි. කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බව අප සැම දන්නා කරුණකි. නමුත් සමාජයේ ඇතැම් තරුණයින් මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ නිල අඳුමෙන් සැරසී යන තරුණියන්ට උසුලු විසුලු කළේය.…
Read Moreලංකාවෙන් කොරෝනා ප්‍රභේද 26 ක් හමු වෙයි.
දැන් නිතරම පාහේ අපට ජන මාධ්‍ය මඟිනුත්, එදිනෙදා ජිවිතයේදීත් වඩාත්ම සමීප වචනය බවට පත්ව ඇත්තේ කොරෝනාය. ඒ් තරමට මේ ගෝලීය වසංගතය දැන් ත්රස්තවාදයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැමිණ වසරකුත් ගෙවී යන මේ මොහොතේ අප දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. මේ වන විට ලංකාවෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවන් 75,600 ඉක්මවා ගොස් ඇත. මරණ 397 ක් වාර්තා වී තිබේ. ඊට අමතරව මේ වන විට ලංකාව තවත් ගැටලුවකට මුහුන දෙමින් සිටියි. ඒ් මේ කොවිඩ් වෛරසයේ විවිධ ප්‍රභේද දිවයිනේ තැනින් තැන වාර්තා වීම නිසාය. කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී…
Read Moreකොරෝනා එන්නත ගෙනාවාට රටටම දෙන්න මදි
ශ්‍රී ලාංකිකයන් කොරෝනා රෝගයට ගොදුරු වීම වළක්වා ගැනීම සදහා ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අනතුරු අඟවා තිබේ. රටක වෙසෙන ජනතාවගෙන් සීයට විස්සක ප්‍රතිශතයකට කෙටි කාලයක් තුලදී එන්නත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය බැව් පෙන්වා දෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරන්නේ ඉන්දියාවෙන් පළමු වටයේදී මෙරට ගෙන්වන ලද එන්නත් ප්‍රමාණය ලබා දිය හැක්කේ දෙලක්ෂ පනස් දහසක් දෙනාට පමණක් බවයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් පසුගියදා මෙරටට ගෙන්වා තිබුනි.…
Read More“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read MorePCR වාර්තා පිළුණු වෙලා කොරෝනා ඉහළ යයි.
දිනය පෙබරවාරි 02 දාය. ස්ථානය අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් වල්පොල නාගවනාරාම විහාරස්ථානයයි. මෙදින විහාරස්ථානයේ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව විශේෂ කටයුත්තකට සුදානම් වෙමින් සිටියහ. ඒ නිරෝධායන ක්‍රියාවලියේ සිටි පුද්ගලයින්ට PCR පරීක්ෂණ කිරීමටය. ජනවාරි 17 දා සිට නිරෝධායනයට ලක් වූ පුද්ගලයෙකුද මේ අතර විය. ඔහුව නිරෝධායනයට ලක් කර තිබුණේ කොවිඩ් පොසිටිව් රෝගියෙකු ඇසුරු කිරීමේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වීම නිසාය. මොහුගේ නිරෝධායන කාලය අවසන් වීමට තිබුණේ පෙබරවාරි 04 දාය. පෙබරවාරි 02 දින ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ දැනුම් දීම මත මොහු වල්පොල විහාරස්ථානයේදී සිදු කෙරෙන PCR…
Read Moreකොවිඩ් වැඩි වෙලා, ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන බොරු – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
ඇතැම් විද්‍යුත් මාධ්‍ය මඟින් හෙළි කරනු ලබන Covid 19 සංඛ්‍යා ලේඛන ගැන තම සංගමයටද ගැටලුවක් වී ඇති බවත් Covid 19 වසංගතය මේ වන විට රට පුරා දැඩි ලෙස ව්‍යාප්ත වී ඇති අතර බලධාරීන් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. බිම් මට්ටමේ නිවැරැදි තොරතුරු අවශ්‍ය වේ නම් රජයේ වගකිව යුතු අංශ තම සංගමය සමඟ නිරන්තර සම්බන්ධතාවයක් ඇතිව කටයුතු කළ යුතු බවද පවසයි. බස්නාහිර පළාතට පමණක් බලපා තිබූ මේ ප්රශ්නය දැන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකට පාහේ විහිදී ගොස් ඇති අතර දිවයිනේ දිස්ත්‍රික් ගණනාවක…
Read More