ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය.

කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම පිලිබඳ ඊයේ දවස පුරා විවිධ පාර්ශව කථා කරන්නට විය. මෙහිදි පොදුජන පෙරමුණ කෙලින්ම ඇඟිල්ල දිගු කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලටය. ඒ ඔශු හිතුමතේ මේ මිල වැඩි කර ඇති බව පවසමිනි.

නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ තමන්ට තනියම මිල ඉහළ දැමීමට තරම් පිස්සුවක් නැති බවය. කෙසේ නමුදු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පොදුජන පෙරමුණ පවසන්නේ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවය.

මෙය එක්තරා අයුරකින් විමල් පිලේ ගැටුම යළි සීතල වීමකි. පොදුජන පෙරමුණට පිලිතුරු දීමට අද ගම්මන්පිල අමාත්‍යවරයා මාධ්‍ය හමුවක්ද කැඳවා ඇත්තේ ඔහුද පරාජය භාර නොගමිනි.

මේ අතර ඉන්ධ මිල ඉහළ යාමත් සමඟ බස් ගැමුණු යළිත් කරලියට පිවිස ඇත. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ මේ වන විටත් පෞද්ගලික බස් මඟින් කර්මාන්තශාලා සහ කාර්යාල වෙත සේවකයින් ප්‍රවාහනය කරමින් තිබෙන හෙයින් එහි ගාස්තු සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බව පවසමිනි.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ සංචරණ සීමා හමුවේ මෙලෙස අත්‍යාවශ්‍ය සේවා වෙත සේවකයින් ප්‍රවාහනය සඳහා පෞද්ගලික බස් රථ වලින් 20%ක් පමණ යොදවා ඇති බවකි. කෙසේවෙතත් රෝහල් ඇතුළු ප්‍රතිකාර සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන සෞඛ්‍ය සේවකයින් සඳහා එය අදාළ නොවන අතර තවදුරටත් එම සේවය ලබා දෙන බවද ඔහු කියා සිටියි.

එසේම කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු වසර එකහමාරක පමණ කාලයක පෞද්ගලික බස් කර්මානත්ය නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි වූ අතර රජයෙන් ඉල්ලා සිටි සහනාධාරද නොලැබුණු බවත් මෙම වසරේදී පමණක් ටයර් මිල,අමතර කොටස් මිල,ලිහිසි තෙල් ඇතුළු ඉන්ධන මිල එක් වරකට වැඩ වැඩි වීම නිසා බස් කර්මානත්ය පවත්වාගෙන යාම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර තිබුණි.

මෙම පෞද්ගලික බස් කර්මාන්තයේ 50,000ක් පමණ රැකියා කරන අතර මේ වන විට ඔවුන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින හෙයින් අවම වශයෙන් රු.5000දීමනාව හෝ ලබා දෙන ලෙස විෂය බාර  අමාත්‍යවරුන් දෙදෙනාටම පැවසුවද එය හෝ නොලැබුණු බව ඔහු පෙන්වා දී තිබුණි.

-ශානි-

Social Sharing
නවතම