ඇස්ට්‍රාසෙනිකා 2 මාත්‍රාව ගැන බයක් එපා  –  අමාත්‍ය උදය ගම්මන්පිල

කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙරටට ගෙන්වුයේ පහුගිය ජනවාරි 28 දාය. ඊට පසු දින සිට මෙම එන්නත කොටස් වශයෙන් මෙරට ජනතාවට ලබා දීමට පියවර ගත්හ. එහිදී මූලිකත්වය සෞඛ්‍ය අංශයට, ආරක්ෂක අංශයට ලබා දුන් අතර පසුව කොවිඩ් ආසාදිතයින් වැඩියෙන් වාර්තා වන අවදානම් සහගත ප්‍රදේශ වල ජනතාවට එන්නත ලබා දීම සිදු කෙරුණි.

එහිදීද කිසිදු  සැලැස්මකින් තොරව මෙම එන්නත විවිධ ප්‍රදේශ වලදී විවිධ පුද්ගලයින්ට ලබා දුන් අතර රජය පවසන ආකාරයට එම එන්නතේ පළමු මාත්‍රාව නව ලක්ෂ 28,107 කට ලබා දී ඇත.

මොවුන්ට මෙම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මේ ව විට කාලය එළැඹ ඇත. නමුත් මේ වන විට ලංකාවේ කොවිෂිල්ඩ් එන්නත් ඇත්තේ ලක්ෂ තුනකි. තවත් ලක්ෂ හයක අඩුපාඩුවක් ඇත. එය ඉන්දියාවෙන් ලබා ගැනීමට සිටියද ඉන්දියාවේ සීරම් ආයතනයේ හිමිකරු එරටින් පලා යාම නිසා මෙම එන්නත ලබා ගැනීම දැන් ගැටලුවක් බවට පත්ව ඇත.

ලංකාවේ ඉතිරිව ඇති එන්නත් ලක්ෂ තුන මේ වන විට ආරක්ෂක හා සෞඛ්‍ය අංශ වෙත ලබා දෙමින් ඇත. සෙසු ලක්ෂ හයක ජනතාවට තවමත් දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර කොවිඩ් පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද ස්පුට්නික් එන්නත හා සිනෝෆොම් එන්නත් මේ වන විට මෙරටට ගෙනවිත් ජනතාවට ලබා දෙමින් ඇත.

නමුත් කොවිෂිල්ඩ් පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් දැන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකටය. කොවිෂිල්ඩ් පළමු මාත්‍රාව ලබාගත් අයෙකු වෙනත් එන්නතක් ලබා ගැනීම සුදුසු? නැතිනම් නුසුදුසුද? කියා කීමට තරම්වත් තවම මෙරට බළධාරීන්ට හැකියාවක් නැත.

ඒ නිසා ඔවුන්ට සිදුව ඇත්තේ කොවිෂිල්ඩ් දෙවැනි මාත්‍රාව ලැබෙනතුරු මුව අයා බලා සිටීමට පමණි.

මේ අතර අද (11) දින සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින පුද්ගලයින් දෙවැනි මාත්‍රාව ලබාගැනීම පිළිබදව කිසිදු බියක් සැකයක් ඇතිකරගත යුතු නොමැති බවය.

ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාව මිලදී ගැනීමට ගිවිසුම්ගතව සිටියත් ඉන්දියාවේ ඇතිවුණු කොවිඩ් 19 රෝගීන්ගේ හදිසි වැඩිවීමත් සමග ඉන්දියාව ඒන්නත් පිටරට වලට යැවීම තාවකාලිකව නතර කිරීමෙන් ලංකාවේ ලක්ෂ 06කට ආසන්න ප්‍රමාණයකට දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ ගැටලුවක් මතුවූ බවත් මේ වන විට ඉන්දුනීසියාවේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක අතිරික්ත ඇස්ට්‍රාසෙනිකා ඒන්නත් ඇති බවට ලද තොරතුරු අනූව ඒම රටවල් වලින් ඒවා ලබාගැනීමේ සාකච්ඡා අරඹා ඇති බව ඔහු කියා ඇත.

Social Sharing
නවතම