යුක්රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත. එසේම…
Read MoreTag: conflict
මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.
යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි. එසේම තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල් සඳහන් කර ඇත. තවඳ ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවත්. එසේම ඒ සඳහා සිය හමුදාවට උපකාර කරන ලෙසත් ය. එබැවින් මෙම වීඩීයෝ…
Read Moreරුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?
යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන් අයුරින් උපකාර කර ඇති බව වාර්තා වෙනවා. තව ද යුක්‍රේන ජාතික සරණාගතයින් මිලියන 2කට වැඩි පිරිසක් තම රටට ගෙන්වා ගෙන ඔවුන්ට පහසුකම් සලසා දී තිබෙන බවට මාධ්‍ය වාර්තා කර ඇති අයුරු දැක ගන්න ලැබුණා. මේ හේතුවෙන් පෝලන්ත යුක්‍රේන දේශසීමා වලට රුසියනු හමුදාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට වාර්තා වෙනවා. කෙසේවෙතත් මෙම තත්වය නිසා නේටෝ…
Read Moreයුක්රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි
යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී. මෙම ඒකා බද්ධ ඉල්ලීම සඳහා ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්, කැනඩාවේ මහ කොමසාරිස්, යුරෝපා සංගමයේ නියෝජිත ප්‍රධානී, ප්‍රංශ තානාපති, ජර්මන් තානාපතිවරයා, ඉතාලි තානාපතිවරිය, නෙදර්ලන්ත තානාපතිවරිය, නවසීලන්ත මහ කොමසාරිස්වරයා, නෝර්වේ තානාපතිවරිය, ජපාන තානාපතිවරයා, රුමේනියාවේ තානාපතිවරයා, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අත්සන් තබා තිබේ. තව ද එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය සහ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරිය ද අදාළ ඒකාබද්ධ…
Read Moreමැයි මාසය වන විට යුක්‍රේන යුද්ධය අවසන්?
මැයි මාසයේ මුල් සතිය වන විට රුසියානු ආක්‍රමණය අවසන් වීමට ඉඩ ඇති බව යුක්‍රේන රජයේ නියෝජිතයෙකු පවසයි. ඔහු පවසන පරිදි මෙම යුද්ධය පවාත්වාගෙන යාම සඳහා රුසියාව සතුව සම්පත් ප්‍රමානවත් ලෙස නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ අනුව රුසියාවට මැයි මාසය වනවිට පසු බැසීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි. එසේම ඔවුන් අප්‍රේල් මාසය තුළ රුසියාව සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය. එසේ තිබිය දී රුසියාව චීනයෙන් මිලිටරි උපකරන ඉල්ලා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ගුවන් මිසයිල, ඩ්‍රෝන යානා, බුද්ධි අංශ උපකරණ, සන්නද්ධ…
Read Moreයුක්රේනයේ දැන් මොකද වෙන්නේ?
හිට්ලර්ගේ නාසි හමුදාව ඔස්ට්‍රියාව ආක්‍රමණය කරද්දි ලෝකෙ බොහෝ රටවල් ගනන් ගත්තෙ නෑ. තවත් අය චිත්‍රපටියක් නරඹනව වගේ බලාගෙන හිටියා. තවත් රටවල් හිට්ලර් වීරයෙක් විදිහට සලකමින් ප්‍රීති ඝෝශා කලා. අද වෙන්නෙත් ඒ දෙයමද කියල නිකමට හිතෙනවා. අදට දවස් 16 කට කලින් තමයි රුසියාව පටන් ගත්තෙ තමන්ගෙ අසල්වැසියාවූ යුක්රේණය ආක්‍රමණය කරන්න. දවස් තුනකින් අවසන් වේ යැයි සිතූ මේ ආක්‍රමණය දවස් 16 ක් ගිහිල්ලත් තවම ඉවර වෙලා නෑ… මේ මොහොත වෙද්දිත් දරුණු සටන් ඇවිලෙනව යුක්රේණයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරාම. මේ සිතියම හොඳින් බැලුවොත් අපට වටහා ගන්න පුලුවන් රුසියානු ආක්රමනය සිද්ධ වෙන ආකාරය.…
Read Moreරුසියාව තවත් ප්‍රහාර කිහිපයකට සූදානම් – යුක්‍රේනය
රුසියානු හමුදා විසින් වටලාගෙන ඇති ප්‍රදේශ තුළ ඔවුන් මේ වන විට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ, ඉදිරියේ දී ප්‍රහාර දැඩි කරන අරමුණින් බව යුක්‍රේනය, මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා. යුක්‍රේනය පවසන පරිදි රුසියාව, යුක්‍රේනයේ කියෙව් සහ කාකිව් යන නගරවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වී සිටී. එමෙන්ම ජ්‍යාත්‍යන්තර මානුෂීය නීතියට අනුව රුසියානු හමුදා සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම් විනාශ කරන බවට යුක්රේනය චෝදනා කරයි. කෙසේවෙතත් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පුටින් සමඟ නැවතත් සාකච්ඡාවක් සඳහා බලාපොරොත්තු තබාගෙන සිටින බව අද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තව ද මර්යපෝල් වෙත ඇති මානුෂීය කොරිඩෝව රුසියානු හමුදා විසින්…
Read Moreමරියපෝල් රෝහලකට රුසියාවෙන් ප්‍රහාරයක්
පසුගිය පෙබ 9 වැනි දින යුක්‍රේනයේ මරියපෝල් නගරයේ මාතෘ රෝහලකට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ. එම ප්‍රහාරය නිසා කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ගැහැණු දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේන ජනපති රුසියාව වෙත පවසා සිටියේ, මෙම ගැටුම් වලට සිවිල් වැසියන් ගාව නොගන්නා ලෙසයි. එහි දී රුසියානු ජනාධිපති පුටින් සඳහන් කළේ එය අත් වැරදීමකින් සිඳු වූ එකක් බවයි. එමෙන්ම රුසියාව ළමා රෝහලකට බෝම්බ දැමීම සම්බන්ධයෙන් යන කටකතාව බොරුවක් බව රුසියානු ජනපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය. මෙම…
Read Moreනේටෝ සාමාජිකත්වය අපිට එපා – යුක්‍රේනය
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය. රුසියාවට එරෙහි ගුවන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට යුක්රේනයට මිග් යානා ලබා දෙන ලෙස සෙලෙන්ස්කි ආයාචනය කර ඇති අතර පෝලන්තය, ඇමරිකාවට එය ලබා දෙන ලෙස ඉල්ලා තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය විසින් එම යෝජනාව ප්රත්ක්ෂේප කර ඇති බව වාර්තා වේ. එනමුත් එක්සත් ජනපදය පවසා සිටින්නේ යුක්රේනය තමන්ගේ ගුවන් ප්‍රහාර සාර්ථක ලෙස හසුරවමින් රුසියාවට එරෙහි…
Read Moreයුක්රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට
මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්‍රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති පවසා අත්තේ නැගෙනහිර යුක්රේනයේ සිටින තම රුසියානුවන් බේරාගැනීමට මෙම මෙහෙයුම දියත් කෙරූ බවයි. කෙසේනමුත් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව මෙම ප්‍රහාර සධාරණීකරණය කිරීම ජන සංහාර නීතියේ වැරදි පිටුවක් අර්ථකතනය කිරීම බවයි. තව ද රුසියාව තම රට ආක්‍රමණය කිරීම නැවැත්වීම සඳහා හදිසි තීන්දුවක් නිකුත් කරන ලෙස සෙලෙන්ස්කි ජ්‍යාත්‍යන්තර අධිකරණයෙන් අද (7) දින ඉල්ලා සිටීමට නියමිතයි. එමෙන්ම…
Read More