මරියපෝල් රෝහලකට රුසියාවෙන් ප්‍රහාරයක්

පසුගිය පෙබ 9 වැනි දින යුක්‍රේනයේ මරියපෝල් නගරයේ මාතෘ රෝහලකට රුසියාව විසින් ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළහ.

එම ප්‍රහාරය නිසා කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා ගැහැණු දැරිවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වන අතර මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේන ජනපති රුසියාව වෙත  පවසා සිටියේ, මෙම ගැටුම් වලට සිවිල් වැසියන් ගාව නොගන්නා ලෙසයි. එහි දී රුසියානු ජනාධිපති පුටින් සඳහන් කළේ එය අත් වැරදීමකින් සිඳු වූ එකක් බවයි. එමෙන්ම රුසියාව ළමා රෝහලකට බෝම්බ දැමීම සම්බන්ධයෙන් යන කටකතාව බොරුවක් බව රුසියානු ජනපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම අර්බුදය හමුවේ ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්‍රේනයට බිලියන 1.4ක් ලබා දීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
කෙසේවෙතත් මේ වන විට යුක්‍රේනයේ නගර වල සිටි 35,000ක් පමණ සිවිල් වැසියන් ඉවත්කර ඇත. එසේම රුසියානු අක්‍රමණය පටන්ගත් දින සිට මේ වන විට සිවිල් වැසියන් මිලියන 1.4ක් පෝලන්තය වෙත සංක්‍රමණය වී ඇත. ඒ අනුව 22,000ක් ඊයේ (09) දින පෝලන්තය වෙත සංක්‍රමණය වී ඇති බවට වාර්තා වේ.

යුනිසෙෆ් ආයතනය පවසන්නේ මෙම අර්බුදය හමුවේ මේ වන විට ළමුන් 37ක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්