යුක්‍රේනයට ප්‍රහාර පිට ප්‍රහාර

යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත.

පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ ඔඩේසා දක්වා පිපිරුම් කිහිපයක් වාර්තා වී ඇත.
එසේම මේ වන විට යුක්‍රේන ජනපති සිටින ස්ථානයට ද රුසියාව ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාර එල්ල කිරීම නිසා යුක්‍රේන වැසියන්ට තම නිවෙස් වල පහළ මාලයේ සිටීමට රජය පවසා ඇත.

යුක්රේනයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ කෞතුකාගාර සහ 19 වන ශතවර්ෂයේ අවසාන භාගයේ ඉදිකළ පෞරාණික රංගන ශාලාවක්වන ෆිල්හාර්මනික් ගොඩනැගිල්ලට රුසියාව දඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

 

 

Social Sharing
නවතම විදෙස්