වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය.

wagner group owner died

රුසියාවේ කුලී හමුදා සන්නද්ධ  කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ  සමිපතයින් 10 දෙනෙකු  රුසියාවේ  ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම්  නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින්  ගමන් කරමින් සිටින  අතරතුර ජෙට්  යානය අනතුරකට පත් වී  ඇති අතර  ජෙට් යානය ගිනිගෙන කඩා වැටීම හේතුවෙන් යානයේ සිටි සියලුම දෙන එම ගුවන් අනතුරින් මරණයට පත් වී ඇත. මරණයට පත් පිරිස  අතර, වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් මෙන්ම ඔහුගේ දෙවනියා ලෙස කටුයුතු කල Dmitry Utkin වී ඇත.

වැග්නර් කණ්ඩායම යනු රුසියන් ජනපති පුටින් විසින් ගොඩ නංවා රුසියාවේ හා ජාත්‍යන්තර  සටන් වලදී රුසියාවේ ඇවසිතාවයන් සපුරා ගැනීම සදහා ගොඩ නැගු සන්නද්ධ කණ්ඩායමක් වන අතර එහි නායක නායක  ප්‍රිගොෂින් කලක් රුසියන් ජනපති පුටින්ගේ අතිශය විශ්වාසදායක සගයෙකු වූ අතර, එහෙත් යුක්රේන යුද්ධය ඇරඹීමත් සමග රුසියන් හමුදා හා සමග එක්ව සටන් කරමින් සිටි වැග්නර් කණ්ඩායම් සාමාජිකයින් හා රුසියන් හමුදාවන් අතර යම් යම් විරසකයින් ඇතිවීම හේතුවෙන් අවසානයේ දී සිදුවුයේ  මෙම වසරේ  ජුනි 24  දින වැග්නර්  සන්නද්ධ කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ සමිපතයින් යුක්රේනයේ සටන් කිරීමෙන් ඉවත්ව රුසියාවේ හමුදා මුලස්ථානක් වන රෝස්ටෝව් නගරයට කඩා වැදි එහි බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රුසියන් හමුදාවන්ට එරෙහිව සටන් ප්‍රකාශ කිරීමෙන් පසුව ඒ සදහා මොස්කොව් බලා විශාල සන්නද්ධ රථ සමුහයක් සමගින් ගමන් කිරීම ඇරඹු අතර එයට ප්‍රතිඋත්තර ලෙස රුසියාවත් මොස්කොව් හා අවට ප්‍රධන නගරවල හමුදාවන් කැදවමින් දැඩි ආරක්ෂක රැකවල් යොදන ලදී ..

wagner group owner died

මේසේ ව්‍යාකුල තත්වයක් පවතින  අතරතුර ජනපති පුටින් සමගත් වැග්නර් කණ්ඩායම් නායක  ප්‍රිගොෂින් සමගත්   සාකච්ජා කල රුසියන් හිතවාදී ප්‍රබල රාජ්‍ය නායකයෙකු වන බෙලරුස් නායකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝ  විසින් දෙපාර්ශවය අතර සාකච්ජා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  එකගතාවයක් ඇති කර ගැනීමෙන් පසුව නිවේදනය වුයේ වැග්නර් කණ්ඩායම් නායක  ප්‍රිගොෂින් හා ඔහුගේ  සාමාජිකයින් සටන් නවතා දමා නැවත හැරී යන බවටත්   එසේම රුසියාව ද  නිවේදනය කලේ  විශාල ජිවිත හානියක් වලක්වා ගැනීමේ අරමුණින් තමන් ද  බෙලරුස් රාජ්‍ය නායකයා සමග ඇති වූ එගකතවයට අනුව සටන් නවතා දැමීමට එකග වූ බවටත් එසේම   එම කැරැල්ලට සම්බන්ධ වූ  කිසිම  වැග්නර් සාමාජිකයෙකුට එරෙහිව  රුසියාව විසින් නිතිය ක්‍රියාත්මක නොකරන  බවත් සියලු දෙනාට සමාව ලබා දෙන බවටත් නිවේදනය කල අතර  සටන් නතර කිරීමට සාම සාකච්ජා මෙහෙයවූ බෙලරුස් නායකයා වන ඇලෙක්සැන්ඩර් ලුකෂේන්කෝට රුසියන් ජනපති හා රජයේ ස්තුතිය පුද කරන බවටත් නිවේදනය කරන ලදී

එහෙත් අවසානයේ  සිදු වී ඇත්තේ එම කැරැල්ල සිදු වූ හරියටම මාස දෙකක් ගත වනවිට  වැග්නර් කණ්ඩායම් නායක  ප්‍රිගොෂින්ට  හා ඔහුගේ  අතිශයින්  සමිපතයින්ට ද  ගුවනේදීම අභිරහස් ලෙස  තම දිවි පිදීමට සිදුවීමයි ….

ජෝසප් ඩයස්

අගෝස්තු මස   24 දින  පෙරවරු 9.00

JSD Newsline

Social Sharing
අවකාශය නවතම