යුක්‍රේනය සහ රුසියාව ජ්‍යාත්‍යන්තර අධිකරණයට

මිනිසුන් සමූළ ඝාතනය කිරීමේ චෝදනාවට අනුව රුසියාව සහ යුක්‍රේනය අද දින ජ්‍යාත්‍යන්තර අධිකරණයට පෙනී සිටීමට නියමිතව තිබේ. එනම් දෙරටම විසින් අත්සන් කරනු ලබූ ජන සංහාරය වළැක්වීම පිළිබඳ 1948 ගිවිසුමේ අර්ථනිරූපණය මත කේන්ද්‍රගතවයි. නමුත් රුසියානු ජනපති පවසා අත්තේ නැගෙනහිර යුක්‍රේනයේ සිටින තම රුසියානුවන් බේරාගැනීමට මෙම මෙහෙයුම දියත් කෙරූ බවයි. කෙසේනමුත් යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියාව මෙම ප්‍රහාර සධාරණීකරණය කිරීම ජන සංහාර නීතියේ වැරදි පිටුවක් අර්ථකතනය කිරීම බවයි. තව ද රුසියාව තම රට ආක්‍රමණය කිරීම නැවැත්වීම සඳහා හදිසි තීන්දුවක් නිකුත් කරන ලෙස සෙලෙන්ස්කි ජ්‍යාත්‍යන්තර අධිකරණයෙන් අද (7) දින ඉල්ලා සිටීමට නියමිතයි.

එමෙන්ම තුර්කිය මැදිහත්ව යුක්‍රේනය සහ රුසියාව අතර දුරකථන සංවාදයක් අද (7) පැවැත්වීමට යොදාගෙන ඇත. කෙසේ වෙතත් තමන් යුද්ධය නවත්වන්නේ යුක්‍රේනය ද ප්‍රහාර එල්ල කිරීම නැවත් වූ විට බවයි රුසියානු ජනාධිපති පවසා සිටින්නේ. එසේම එක්සත් ජනපදය ඇතුලු යුරෝපයේ තවත් රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් ආනයනය තහනම් කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මීට අමතරව මේ වනවිට මූල්‍ය ආයතනයක් වන ඇමරිකන් එක්ස්ප්‍රස් ආයතනයේ කටයුතු යුක්‍රේනයට සහ රුසියාවට තහනම් කර ඇත. එසේම දකුණු කොරියාව රුසියාව සමඟ සිඳු කරන සියලු මූල්‍ය කටයුතු නවතා ඇති බවට ද වාර්තා වෙයි. එමෙන්ම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යුක්‍රේනය නඟා සිටුවීමට ඩොලර් මිලියන 100ක් ලබා දී ඇති බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කර ඇත.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ලෝක සාමය සඳහා චීනයේ ක්‍රියාකාරීත්වය බලපාන බවත් මෙම යුක්‍රේන අර්බුදය මෙසේ ව්‍යාප්ත වීමට චීනයේ සාක්ච්ඡා මුල් වූ බවත්ය. එමෙන්ම යුක්‍රේන අර්බුදය ඇතුලේ දකුණු කොරියාව, ජපානය, සිංගප්පූරුව යන රටවල් වල ක්‍රියාකාරීත්වය තමන් අගයන බවටත් ඔහු සඳහන් කළේය. එසේ වූවද තමන් මෙම අර්බුදයේ කිසිම පැත්තක් ගෙන කටයුතු නොකරන බවට චීනය ප්‍රකාශ කර ඇත.

මේවනවිට රුසියානු ආක්‍රමනය නිසා සිවිල් වැසියන් 364ක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර 759 ක් තුවාල ලබා ඇත. එමෙන්ම යුක්‍රේනය වාර්තා කරන අන්දමට රුසියානු සොල්දාදුවන් 11,000ක් මේ වනවිට ඝාතනය වී ඇත. නමුත් එය තවමත් නිශ්චිත ලෙස තහවුරු කරගෙන නොමැත.

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්