නේටෝ සාමාජිකත්වය අපිට එපා – යුක්‍රේනය

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ තවදුරටත් ඔවුන් නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා නේටෝ පසුපස නොයන බවයි. එනම් නේටෝ තම රට පිළිගැනීමට සූදානම් නොමැති බවත් ඒ හෙතුවෙන් තවදුරටත් ඔවුන් පසුපස ගියාට ඵලක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.

රුසියාවට එරෙහි ගුවන් ප්‍රහාර තවත් ප්‍රබල කිරීමට යුක්‍රේනයට මිග් යානා ලබා දෙන ලෙස සෙලෙන්ස්කි ආයාචනය කර ඇති අතර පෝලන්තය, ඇමරිකාවට එය ලබා දෙන ලෙස ඉල්ලා තිබුණත් ඇමරිකා එක්සත් ජනපදය විසින් එම යෝජනාව ප්‍රත්ක්ෂේප කර ඇති බව වාර්තා වේ. එනමුත් එක්සත් ජනපදය පවසා සිටින්නේ යුක්‍රේනය තමන්ගේ ගුවන් ප්‍රහාර සාර්ථක ලෙස හසුරවමින් රුසියාවට එරෙහි ගුවන් කළාපයක් ගොඩනගා ගෙන ඇති බවයි.

තව ද මෙම මාසයේ දී යුක්‍රේනය විසින් රුසියාවේ කැරලිකාර කළාපවලට ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත. ඔවුන් පවසන්නේ ඩොන්බාස් හි රුසියානු කැරලිකාර කලාපවලට යුක්‍රේනය විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී සිටින බවට රහසිගත වාර්තා මගින් හෙළි වී ඇති බවයි.

එසේම රුසියානු ආක්‍රමණයට එරෙහිව ජෝර්ජියවේ හිටපු ආරක්ෂක ඇමති සහ තවත් ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනෙක් යුක්‍රේනයට සහය පතා පැමිණ ඇත.

එමෙන්ම මේ වන විට ලෝක ප්‍රසිද්ධ ආයතන වන කොකා කෝලා සහ මැක් ඩොනල්ඩ් සමාගම් විසින් රුසියාවේ ඇති සියලු කොකා කෝලා සහ මැක්ඩොනල්ඩ් අවන්හල් විවෘත කිරීම අත්හිටුවා ඇත.

යුක්‍රේන අර්බුදය පිළිබඳව තවදුරටත් ප්‍රකාශ නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ රුසියානු ආක්‍රමණය තව නොබෝ දිනකින් යුක්‍රේනය හමුවේ පරාජය වන බවයි.

කෙසේවෙතත් ඊයේ පැවති සටන් විරාම පිලිබඳව සිව්වැනි සාකච්ඡා වටයෙ දී යුක්‍රේනය පැවසුවේ ඔවුන්ට තවත් සටන් විරාම අවශ්‍ය නොවන බවත් ඔවුන් රුසියාවට එරෙහි ප්‍රහාර තවත් දැඩි කරන බවත් ය.

එසේ වූවද මේ වන විට යුක්‍රේන සිවිල් වැසියන් 474 ක් පමණ ජීවිතක්ෂයට පත් වී ඇති අතර 861 ක් තුවාල ලබා ඇති බවට එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා සඳහන් කර ඇත.

Social Sharing
නවතම විදෙස්