මැයි මාසය වන විට යුක්‍රේන යුද්ධය අවසන්?

මැයි මාසයේ මුල් සතිය වන විට රුසියානු ආක්‍රමණය අවසන් වීමට ඉඩ ඇති බව යුක්‍රේන රජයේ නියෝජිතයෙකු පවසයි. ඔහු පවසන පරිදි මෙම යුද්ධය පවාත්වාගෙන යාම සඳහා රුසියාව සතුව සම්පත් ප්‍රමානවත් ලෙස නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි. ඒ අනුව රුසියාවට මැයි මාසය වනවිට පසු බැසීමට සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

එසේම ඔවුන් අප්‍රේල් මාසය තුළ රුසියාව සමඟ සාම ගිවිසුමක් ඇතිකර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

එසේ තිබිය දී රුසියාව චීනයෙන් මිලිටරි උපකරන ඉල්ලා ඇති බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත. ගුවන් මිසයිල, ඩ්‍රෝන යානා, බුද්ධි අංශ උපකරණ, සන්නද්ධ රථ මීට ඇතුළත් වේ. එසේම බ්‍රිතාන්‍ය රජය පවසන්නේ රුසියාව ජීව විද්‍යාත්මක අවි හෝ රසායනික අවි භාවිතා කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

තත්ත්වය මෙසේ තිබියදී යුක්‍රේනයෙන් නවසීලන්තයට සංක්‍රමණය වූ සරණාගතයන්ට රැකියා මෙන්ම අධ්‍යාපනය සඳහා ඉඩ සලසා දෙන බව නවසීලන්ත රජය මාධ්‍ය වෙත නිවේදනය කර ඇත.

මේ වන විට මෙම යුද්ධය නිසා සිවිල් වැසියන් 636ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 1125ක් තුවාල ලබා ඇත.

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්