යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අනතුරේ

යුක්‍රේනයේ පිහිටා ඇති යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාර නිසා එහි ගින්නක් හටගෙන ඇති බවට සහ එම බලාගාරය අනතුරේ බව යුක්‍රේන මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

තත්ත්වය එසේ උනත් තවමත් එහි න්‍යෂ්ටික කාන්දුවක් සිදුවිය හැකි අති සංවේදී උපකරණ වලට කිසිඳු හානියක් සිදුවී නැත.

“දැන්වත් යුරෝපය අවදි වී යුතුයි, එසේ නොමැති නම් නැවත මෙවැනි පිපිරීමක් අප සියල්ලන්ගේම අවසානය වනවා නොඅනුමානයි ” යන්න මෙම අවස්තාවෙන් පසු යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය. එමෙන්ම සෙලෙන්ස්කි රුසියානු ජනපති පුටින් සමඟ සෘජු සාකච්ඡාවකට ආරාධනා කළ නමුත් ඊට තවමත් ප්‍රතිචාරයක් ලැබී නැත.

තවද යුක්‍රේනයේ කර්සන් නගරය සහ මරියපෝල් නගරය ද තවත් වරායක් ද රුසියානු යටතට ගැනීමට මේ මොහොතේ සමත් වී ඇති බවට තොරතුරු හෙළි වේ.

එමෙන්ම ඊයේ (3) දින පැවති මහා මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව වටලනු ලැබූ නගරවල සිටින යුක්‍රේන සිවිල් වැසියන්ට එම නගරවලින් පිටව යාම සඳහා රුසියානු හමුදා රුසියානු රජය තම කැමැත්ත ලබා දී ඇත. එනමුත් යුක්‍රේනය බලාපොරොත්තු වූ සටන් විරාමය සඳහා යොමුවන්නට මෙම සාකච්ඡාවේ දී ද නොහැකි වී ඇත. ඒ යුක්‍රේන ජනාධිපතිවරයා අපේක්ෂා කළ ප්‍රථිපල අත්කර ගැනීමට නොහැකි වූ නිසාවෙනි.

කෙසේවෙතත් මෙම යුද ගැටුම් නිසා මිලියනයක් ජනතාව මේ වන විට සරණාගතයින් බවට පත් වී ඇත.

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්