– ආචාර්‍ය නලීන් ද සිල්වා – නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ලක්‍ෂයෙන් බැඳි පියල්ලෙන් වැටුප් ලබා ගන්නා විදුලි ඉංජිනේරුවන් රට අඳුරේ තැබීම තාවකාලික ව නවත්තලා. එසේ වුවත් අපට අද පාන්දර තුනේ සිට හය දක්වා විදුලිය තිබුණේ නැහැ. එයට හේතුව වී ඇත්තේ ජල විදුලි බලාගාරවල ඉංජිනේරුවන් සේවා ස්ථානවලින් බැහැර වීම බව කියනවා. විදුලි ඉංජිනේරුවන් පිරිසකට රටක් අඳුරේ තබන්න පුළුවන්. ඔවුන් ජනතාව වෙනුවෙන් ජනතාව අඳුරේ තබනවා. ජල විදුලි බලාගාර ආශ්රිත ජලය මුදා හැරියේ කවුද? වහා ම එය සොයා බලන්න ඕන. සමහර විට ජනතාව වෙනුවෙන් ජලය මුදා හැරියා වෙන්න ඇති. මේ ජනතාව යන්න වියුක්ත සංකල්පයක්…
Read MoreTag: ceylon electricity board
ආයෝජකයන් වෙනුවෙන් ආණ්ඩුවේ සූදානම පෙන්වීම
– අජිත් පැරකුම් ජයසිංහ – අපට ඕනැ කොන්දේසිවලට ආයෝජකයන් ගෙන්න ගන්න පුළුවන් රටක් නෙමෙයි වර්තමාන ලංකාව (එහෙම කාලයක් තිබුණා ඉස්සර). අයෝජකයන්ට ඕනැ විදියට තමයි කරන්න වෙන්නෙ. ඒක තමයි ආයෝජන ගැන සරලම කතාව. ඊයෙ අලි සබ්‍රි පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙ මේ කොටස අහන්න: “බොරු ජාත්‍යාලයක් මවාගෙන දේශප්‍රේමයක් මවාගෙන මේ බොරුවක් කියන්න උත්සාහ කරනවා. ඔබ හිතනවාද ලෝක පූජිත සමාගම ලංකාවේ මෙගාවොට් 10කට අඩු ප්‍රමාණයකට ඇවිල්ලා මෙහෙ ටෙන්ඩර් කරාවි කියලා. ඔවුන්ට වැඩක් තියෙනවා ද. ඔවුන්ගේ ආයෝජනයේ වැදගත්කමක් තියෙනවා ද. ඒක අපනයනය කරන්න පුළුවන් ද. එවැනි අය එන්නේ නැතුව රටක් දියුණු කරන්න පුළුවන්ද. 1977 වෙනකොට…
Read Moreපුනර්ජනනීය බලශක්තිය හා ලාංකීය විප්ලවය
– අජිත් පැරකුම් ජයසිංහ – පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි. අද දින පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබන පුනර්ජනනීය බලශක්ති හා සම්බන්ධ නීති වැදගත් වන්නේ එම පසුබිම තුළය. නීති සම්පාදකයන් හා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඒ පිළිබඳ වාද විවාද කළ යුතුය. මා මෙම…
Read Moreවිදුලි බිලත් ඉහළ දමයි
විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත් පිළිබඳව අවධානය යොමු කරමින් ගාස්තු ඉහල දැමීමට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එසේම එම ගාස්තු ඉහළ දැමීම කුමන දිනයේ සිට ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් නොමැත.
Read Moreඩොලර් නැතුව ගල් අඟුරු නැව් දෙක ආපසු හරවයිද?
ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. මෙම ගල් අඟුරු තොග ගොඩබෑමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුවලට බාධා පැමිණිය හැකි බවත් විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයෝ කියති. මෙම මස 12 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම නෞකා සඳහා ඩොලර් මිලියන 34 ක මුදලක් ගෙවීමට ඇති බවත් මුදල් ගෙවීමට නොහැකිව මේ වන විට දින හයක් නෞකා දෙක ශ්‍රී ලංකා සීමාවේ නැංගුරම්ලා තිබෙන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.…
Read Moreආර්ථිකය තවත් ප්‍රපාතයට
W A විජේවර්ධන ඉදිරි මාස කිහිපය තුළදී මෙරට ආර්ථික අර්බුදය තව තවත් උත්සන්න වනු ඇති බවත් ඛනිජ තෙල්, බෙහෙත්, ආහාර ඇතුළු භාණ්ඩ ආනයනය පවතිනවාටත් වඩා අර්බුදයට යා හැකි බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති, ආචාර්‍ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අනාවරණය කරයි. ඔහු පවසන්නේ මේ වනවිට ලංකාව සතුව තිබෙන්නේ ඩොලර් මිලියන 100 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් බවත් එයින් කළ හැකි දෙයක් නොමැති බවයි. මේ නිසා, ඉදිරියේදී පොලී අනුපාත සියයට 25 ක් වැනි ඉහළ අගයක් දක්වා ඉහළ යා හැකි බවත් පිළිකාවක් හැදුණු රෝගියාගේ අතපය එකින් එක කපා ජීවිතය බේරාගැනීමට ගන්නා උත්සාහය…
Read Moreජනාධිපති, මන්ත්‍රී නිවෙස්වලට විදුලිය නොකැපේ..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවස පිහිටි ප්‍රදේශයට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංක්‍රීරණය පිහිටි ප්‍රදේශයට ආදී ලෙස ප්‍රදේශ 191කට විදුලිය විසන්දි නොකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයට පත් කර ඇත. මෙම කලාප 191 තුළ වැඩි වශයෙන් ඇත්තේ රජයේ රෝහල් බව දැනගන්නට ලැබේ.
Read Moreතෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!
විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ. අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම, ඉන්ධන මිල විශාල ඉහළ යාම සහ ලංවීම පවත්වාගෙන යාම සඳහා වැයවෙන විශාල පිරිවැය යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විදුලි බිල වැඩිකිරීම සිදුවනු ඇති බවත්, එහි මූලික අරමුණ දැනට ලංවීම වසරකට ලබන පාඩුව (රුපියල් කෝටි 25000) පියවා ගැනීම බවත් දැනගන්නට ලැබේ. පසුගිය කාලයේ දිගින් දිගටම ලංවීම මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන්…
Read Moreදුගියාට 500% කින්, ධනවතුන්ට 18% කින් විදුලිය වැඩි වෙයි..?
විදුලි බල මණ්ඩලයේ දෛනික පාඩුව පිරිමසා ගන්න යැයි කියමින් දුප්පත් ජනතාවගේ විදුලි බිල 500%කින්ද පොහොසතුන්ගේ විදුලි බිල 18%කින්ද වැඩි කිරීමේ යෝජනාවක් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් වී ඇතැයි දැනගන්නට ලැබේ. මෙම විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනා ගැන අදහස් දක්වමින් පසුගිය දා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් දක්වනු ලැබීය “ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කරලා තියෙනවා අති විශාල වැඩි කිරීමක් විදුලිබල ක්ෂේත්‍රයේ. අද විදුලි පාරිභෝගිකයෝ ලක්ෂ 75 ක් (මිලියන 7.5 ක්) පමණ විදුලි පාරිභෝගිකයන්ගෙන් මිලියන 6.5කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්. කර්මාන්ත 72,831ක් පමණ. ප්‍රධාන මට්ටමේ හෝටල් 665…
Read Moreවැස්සක් පේන්න නෑ ඒත් මාදුරුඔය පිඹුරත්තෑව වාන් දමයි.
වැස්සක් පේන්නවත් නැති කළක ආශ්චර්යමත් ලෙස පසුගිය සඳුදා (7) සිට මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශ වාන් දමමින් ජනතාව පුදුමයට පත් කරමින් ඇතැයි වාර්තා වෙයි. කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවලින් පැමිණෙන ජලය වියානා ඇල හරහා මාඳුරුඔය සහ පිඹුරත්තෑව ජලාශවලට ලැබෙන අතර මෙම ජලාශ දෙක වාන් දමනවා යන්නෙහි තේරුම, ඉහත නම් සඳහන් ජලාශද වාන් දමනවා යන්න හෝ ජල විදුලිය සඳහා අසීමිතව ජලය මුදාහරිනවා යන්න යි. මෙම ජලාශ ආශ්රිත ප්‍රදේශවල ජනතාව මෙම වාන් දැමීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ දකුණු ඉවුරේ මාදුරුඔය, කුඩාඔය වනජීවි රක්ෂිත කොටසේ වැලි කැනීම් කරන ආණ්ඩුවට හිතවත් වැලි ජාවාරම්කරුවන්ගේ උවමනාවට,…
Read More