තෙල් ගෑස් පිටට ලයිට් වතුර, දුප්පතුන්ට දෙවි පිහිටයි!

විදුලි ඒකකයක මිල අද රාත්‍රියේදී අනිවාර්‍යයෙන් වැඩි කරනු ඇති බවත් එම වැඩි කරන ප්‍රමානයෙහි ප්‍රතිශත අගය අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් දැනගන්නට ලැබේ.

අවුරුදු නවයකින් විදුලි බිල වැඩි නොකිරීම, විදුලිය ඒකකයට ලබන පාඩුව ඉහළයාම, ඉන්ධන මිල විශාල ඉහළ යාම සහ ලංවීම පවත්වාගෙන යාම සඳහා වැයවෙන විශාල පිරිවැය යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම විදුලි බිල වැඩිකිරීම සිදුවනු ඇති බවත්, එහි මූලික අරමුණ දැනට  ලංවීම වසරකට ලබන පාඩුව (රුපියල් කෝටි 25000) පියවා ගැනීම බවත් දැනගන්නට ලැබේ.

පසුගිය කාලයේ දිගින් දිගටම ලංවීම මෙම විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් පිට ඉල්ලීම් කර තිබුණ අතර එම ඉල්ලීම් සඳහා අද දිනයේදී නම් අනිවාර්‍යයෙන් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි ලංවීම ප්‍රකාශකයෙක් පැවසීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද වැනි අමාත්‍යවරුන් කෝටි ගණනින් ලංවීමට පොලු තියා තිබෙන පසුබිමක සහ අනවශ්‍ය සේවක ධාරිතාවයක් පවත්වාගෙන යන පසුබිමක එම පාඩුව අවම කර ගැනීම සඳහා විදුලි බිල වැඩිකරන්නට තීරණය කිරීම පිළිගත නොහැක.

තත්ත්වය මෙසේ තිබියදී අද රාත්‍රියේ විදුලි බිල ඉහළ දමන්නට ආණ්ඩුව කටයුතු කළහොත්, වතුර ඒකකයක් සඳහා අයකරනු ලබන මිල ගණන්ද වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාද මණ්ඩලය ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම