රෝහල් සඳහා විදුලිය විසන්ධි කිරීමක් නැත: ලං.වි.ම සහතික කරයි!

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සඳහා ඉදිරි මාස දෙකක කාලය තුළ විදුලිය විසන්ධි නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය සහතික වී ඇති බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව එම සහතිකය තහවුරු කරමින් විදුලිබල මණ්ඩලය ලිපියක් ලබාදී ඇති බවයි වෛද්‍ය රත්නායක සඳහන් කළේ.

බ්‍රහස්පතින්දා මහනුවරදී මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය රත්නායක කියා සිටියේ මහා භාණ්ඩාගාරයෙන් කොළඹ ජාතික රෝහලේ හිඟ විදුලි බිල්පත් පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 120ක් ලබා දී ඇති බවයි

පසුගිය මාස හතර පහ තුළ රජයේ රෝහල්වල විදුලි බිල පියවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නොහැකි විය.

කෙසේ වෙතත්, ඉදිරි මාස දෙක ඇතුළත හිඟ බිල්පත් පියවන බවට පොරොන්දු වීමෙන් පසු රජයේ රෝහල්වල විදුලිය විසන්ධි නොකිරීමට විදුලිබල මණ්ඩලය එකඟ වූ බවද ඔහු පැවසීය.

ඉදිරි මාස දෙක තුළ දී හිඟ විදුලිබල මණ්ඩල බිල්පත් පියවීමටත්, සෑම මසකම විදුලි බිල පියවීමට මුදල් නිකුත් කිරීමටත් එකඟ වෙමින් භාණ්ඩාගාරය ලිපියක් නිකුත් කර ඇති බව ආචාර්ය සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Social Sharing
ආර්ථික නවතම පුවත්