විදුලි බිල වෙනස් වීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්…

විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වෙයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවයි.

කාලසටහන්ගත විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයින පුරා විදුලිය සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර ඇති අතර දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාව විදුලි උත්පාදනය සඳහා භාවිතා කරන බව ඔහු අනාවරණය කළේය.

Social Sharing
නවතම පුවත්