පරිසර හිතකාමී විද්‍යුත් විදුලි බිල්පත තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රචලිත කරයි!

ලංකා විදුලිබල මණ්ඩලයේ පරිසර හිතකාමී විද්‍යුත් බිල්පත් ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ තවත් ප්‍රදේශය කිහිපයක් වෙත එම බිල්පත් ක්‍රමය හඳුන්වා දීමට එම මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව දෙහිවල කැලණිය ශ්‍රී ජයවර්ධනපුර මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් වෙත විද්‍යුත් බිල්පත් ලබාදීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා ඊයේ (14දා) දිවයිනට පැවසීය. එකී බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් කෙටි පණිවිඩ හෝ විද්‍යුත් තැපෑලෙන් යොමු කෙරෙනු ඇති බවත් හෙතෙම කීවේය.

ඉදිරියේදී ලංකාවේ විදුලිබල මණ්ඩලය මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය ක්‍රම ක්‍රමයෙන් නවතා දැමීමට කටයුතු කරන බවත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය. විද්‍යුත් බිල්පත් පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන මෙන් සියලු‍ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවත් කෙටි පණිවිඩ මාර්ගයෙන් ලියාපදිංචි වීමට REG<හිස්තැනක්> ඔබේ A/C අංකය ටයිප් කර 1987ට යොමු කළ හැකි බවත් කී හෙතෙම මාර්ගගතව ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිස උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටී.

සිරිමන්ත රත්නසේකර

Social Sharing
නවතම පුවත්