විදුලි බිල වැඩිවීමට එරෙහිව ජනතාව වීදි බසී

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ඇඹිලිපිටිය වෙළෙඳ සංගමය සංවිධාන කළ විරෝධතාවක් ඇඹිලිපිටිය නගරයේ දී පවත්වන්නට යෙදුණා. ඒ පසුගිය සිකුරාදා දින (20) ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීමත් සමඟයි.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට 18කින් විදුලි බිල ඉහළ නැංවෙනු ඇතී. විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 39කට අධික හිඟ විදුලි ගාස්තු ප්‍රමාණයක් අයකර ගැනීමට කටයුතු නොකර ජනතාව මත එහි බර පැටවීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසා සිටියා.

මීට අමතරව  විදුලි ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් නුගේගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක තවත් විරෝධතා රැසක් පැවත්වුණා.

Social Sharing
නවතම පුවත්