කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකි වනු ඇතැයි විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමාද බිරිඳ හා සිවු නිවුන් දරුවන්ද පානය කළ නමුත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ලංකාදීපට පැවසූ පුවතක් අද (18) ලංකාදීපය වාර්තා කර තිබුණි. එම පුවතට අනුව මේ වන විට ප්‍රාද්ශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු පවුලේ සියලු දෙනා සිටින්නේ ඇඹිලිපිටිය පිහිටි යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේය. මෙම පිරිස ධම්මික පැණිය දින දෙකක් නියමිත මාත්‍රාවට පානය කර ඇති අතර ඒ කාලය තුල මස්, මාලු, බිත්තර කෑමෙන්ද වැළකී සිට…
Read MoreTag: ශ්‍රී ලංකාවේ කොරෝනා
PCR පරීක්ෂාවකින් නව ප්‍රභේද හදුනා ගැනීමේ හැකියාවක් නැහැ! – රවී කුමුදේශ්
නව ප්‍රභේද හදුනා ගැනීමට PCR පරීක්ෂණ මගින් හදුනා ගන්න වෛරස නිදර්ශක ජාන අනුක්‍රමික විෂ්ලේෂණයකට ලක් කල යුතු අතර ඒ සදහා ජාන අනුක්‍රමික විෂ්ලේෂක යන්ත්‍ර අත්‍යාවශ්‍ය වන නමුත් පුදුමයට කරුණ වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු එකම රසායනාගාරයකටවත් ජාන අනුක්‍රමික විෂ්ලෙශක යන්ත්‍රයක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. කොරෝනා පවුලේ වෛරස සාමාන්‍යයෙන් ම නව ප්‍රභේද සෑදීමේ ප්‍රවණතාවක් සහිත වන බැවින් නව ප්‍රභේද හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍ර බණ්ඩාරනයක ජාත්‍යන්තර ගුවන් තොටුපලට සහ මුල්ලෙරියාව හෝ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉල්ලමින් සිටින්නේ…
Read Moreසෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ – රනිල්
නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව මේ වන විට ඉල්ලා ඇතැයිද හෙතෙම පැවසුවේය. ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී…
Read Moreවාසු ගැන නිව්ස් එකක් – අජිත් පැරකුම් ජයසිංහ
මේ දවස්වල කොවිඩ් 19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසුදේව සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසුදේව සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති නැහැ. මට නම් දැන් වාසුයි, පරණ වාසුයි අතර මහලොකු වෙනසක් පෙනෙන්නෙ නැහැ. හුඟක් අය ඔහොම තමයි. පරණ සිද්ධියක් මතක් වුණා. 2002-2003 වගේ කාලෙ අපි ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් වැඩසටහන පරාජය කරන්නට වීදියේ සටන් කරනවා. ඒකෙ නායකත්වයේ හිටියෙ සරත් ප්‍රනාන්දු, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, මහමාන්කඩවල පියරතන හාමුදුරුවෝ…
Read Moreකොරෝනා එන්නත එපා කියූ වාසුටත් කොරෝනා! පාර්ලිමේන්තු පොකුරක් අත ළඟ?
අපට දැන්ම කොරෝනා එන්නත උවමනා නැති බවත් එය උවමනා කරන්නේ ඇමරිකාවට පමණක් බවත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුණි. ඒ නොවැම්බර් 20 දාය. ඔහු එසේ ප්‍රකාශ කරනු ලැබුයේ සමගි ජන බලවේග මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ කොරෝනා එන්නත ගැන විමසා සිටි අවස්ථාවේදීය. එහිදී අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුයේ එක එක රටවල් තමන්ගේ වත්කම් අනුව කොරෝනා එන්නත මිලියන ගණන් ඕඩර් කර ඇති නමුත් අපිට දැන්ම එය අවශ්‍ය නැති බවත් උවමනා වු දවසට එය ගෙන්වීමට කටයුතු කරන බවත් ඊට මුදල් සොයා ගන්නා බවත්ය.…
Read Moreපාසැල් යළි ආරම්භ කිරීම යනු අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක්!
පාසැල් යළි ආරම්භ කිරීම යනු කොරෝනා රෝගයට අදාළව අවදානම් කණ්ඩායමක් සමාජයට නිරාවරණය කිරීමක් බව අප අමතක නොකළ යුතුය. දරුවන් පාසලට යාම ආරම්භ කිරීමත් සමගම, මෙතෙක් සමජය හා නොගැටුනු ඔවුන් සමාජය සමඟ එක්වීම සහ ඒ හරහා සමජයේ අංශ රාශියක් සක්‍රීයවේ. එබැවින් අප සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දෙනු ලබන්නේ පසුගිය මාසය තුල අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය මගින් අප හෙළිදරව් කරගන්නා ලද තොරතුරු පිළිබඳව මීට වඩා විද්‍යාත්මක සලකා බැලීමක් සිදු කරන ලෙස ය. බස්නාහිර පළාත් සභාවෙන් පිටවන මගින් පිළිබඳව සිදුකරන ලද අහඹු පරීක්ෂණ ක්‍රියාවලියේ දී 11000 ක පමණ පරීක්ෂණ සිදු කිරීමේදී සියයක පමණ ආසාදිතයන් හඳුනාගෙන…
Read More“උදයංග පොකුරෙන්” ගුවන්තොටුපල නියෝජ්‍ය කළමනාකරුටත් අසාදනය වෙලා?
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල නියෝජ්‍ය කළමනාකරුට කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇතැයි ගුවන් තොටුපොල කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළ පුවතක් අද (07) දිනයේ මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. කටුනායක ගුවන් තොටුපොල නිලධාරීන් පිරිස පසුගියදා මත්තල ගුවන් තොටුපළේ පැවති යූක්‍රේන ජාතික සංචාරකයන් පිළිගැනීමේ උත්සවය සදහා සහභාගී වී ඇත. මෙම නියෝජ්‍ය කළමනාකරු සමග සමීපව ඇසුරු කළ තවත් ගුවන් තොටුපොල සේවකයින් 15 දෙනෙකුට අධික පිරිසක් ද මේ වනවිට තම නිවෙස් වල නීරෝධායනය සදහා යොමු කර ඇති බවද නිවෙස් තුළ නීරෝධායනය වෙමින් සිටින ගුවන් තොටුපළ සේවකයින් පිරිස තව දින…
Read Moreරජයෙන් “උදයංග පොකුරක්” – පුජ්‍ය උලපනේ සුමංගල හිමියන්
කොවිඩ් තෙවැනි රැල්ල ආරම්භ කිරීමේ මුලික කටයුතු මේ වන විට රජය කටයුතු කරමින් සිටින බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. නුදුරු දිනෙකදීම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර අභිබවා උදයංග වීරතුංග පොකුරක් බිහි වෙනු බවද රජය මේ කරන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක් නොවන අතර කූප්රකට රතු වරෙන්තුකරුවාගේ මඩිය තර කර ගැනීමට කරන උත්සහයක් බවද කියා සිටියි. යුධ සමයේදි මිග් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 14 ක අලාභයක් මේ රටට කරපු අයෙක් වන උදයංග වීරතුංග තවත් ප්‍රසිද්ධ වන්නේ යුක්රේනයේ සිට ත්‍රස්තවාදින් සමඟ අවි ගණුදෙනු කළ බවට බවත් ඒ අනුව පහුගිය කාලයේ…
Read Moreයුක්ක්‍රේන් රැලි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධව පවසා සිටියේ කොවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශ හා විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය හා ආරක්ෂ අංශ එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන බවත්ය. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ දී සංචාරකයින් හා මෙරට වැසියන් අතර, සම්බන්ධතායක් ගොඩ නොනැගෙන…
Read More“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම විපක්ෂයේ දෙමළ දේශපාලන නායකයන් ද එක්ව තිබුනි. උතුරේ දී මන්නාරමේ සිට මුලතිව් දක්වාත්, නැගෙනහිර දී මඩකලපුවේ සිට අම්පාර දක්වාත් සංවිධානය වී පවතින මෙම විරෝධතාවයන් මගින් ආණඩුවට බලකර සිටින්නේ, කොරෝනා දෙවැනි රැල්ලේ දී වෛරස් ආසාදනය වඩාත් සීඝ්රයෙන් ඉහල යමින් තිබෙන තත්වය යටතේ දේශපාලන සිරකරුවන් සානුකම්පිත හේතු මත වහාම නිදහස් කරන ලෙස යි. මෙම සිරකරුවන්ගේ දරුපවුල් ඔවුන්…
Read More