අනුර, සජිත් පාර්ලිමේන්තුව මඟ හරින්නේ ඇයි?

Read More

කොරා පිට අන්ධයා නැගීම

Samagi Jana Balawega and Jathika Jana Balawegaya against Prime Minister Ranil

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…

Read More

ශෂීගේ වයස සහ විමල්ගේ කට …!

wimal shashi weeravansha

ශෂී වීරවංශ පහුගිය මැයි 27 හිරේට ගියා. ඒ ඇයි? හේතුව තමයි ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා අවිධිමත් විදිහට රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම. මේ නඩුවේ තීන්දුව දුන්නේ කොළඹ පූර්වගාමී මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල. තීන්දුවට අනුව ශෂී වීරවංශට අවුරුදු 02 ක සිර දඬුවමක් ලැබෙනවා. දඩය රුපියල් ලක්ෂයක්. ඒක නොගෙව්වොත් තවත් මාස 06ක් සිරදඬුවම දීර්ඝ වෙනවා. ඒක තමයි උසාවි නියෝගය. මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරපු මහේස්ත්‍රාත්වරයා කිව්වේ විත්තිකාරියට එරෙහිව නඟලා තියෙන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පුකරන්න පැමිණිල්ල සමත් වුණා කියලා. කොහොම හරි මේ ලිපිය ලියනකොට අභියාචනා කිරීම නිසා ශෂීට ඇප ලැබිලා.…

Read More

හිරේට ගිය ශෂීට ඇප

ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කර ඇත. මෙම නියෝගය ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ශෂී වීරවංශගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කර ඇත. රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇයව මුදාහරින්නට මෙහෙදී අධිකරණය නියෝග කර ඇත.

Read More

ශෂී වීරවංශට හිරේ යන්න වුණ අනන්‍යතා අර්බුද.

Identity crisis for Shashi Weerawansa who went to jail

විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශ අවුරුදු දෙකකට සිරගත වන්නේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම හේතුවෙනි. ඇය අතීතයේදී විදේශ රැකියාවක පවා නියුතුව සිටි අයෙකු වන අතර, 1967 සැබෑ උපන් වර්ෂය යෙදූ ගමන් බලපත්‍රයක් තිබියදී උපන් වර්ෂය 1971 ලෙස ව්‍යාජ ලෙස යෙදූ ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම එයට හේතු විය. ශෂී වීරවංශ විමල් වීරවංශට වඩා අවරුදු කීපයක් වයසින් වැඩියි. විමල් උපදින්නෙ 1970දී. විමල් වීරවංශ දරුවන්ගෙ උප්පැන්න සහතිකවල දීලා තිබුණේ බොරු උපන් දිනයක් නිසා, පසුව එය නිවැරදි කරන්නට ඔහුට සිදුවුණා. දරුවන්ගෙ උප්පැන්න සහතික මුලින් ලබාගනිද්දී ඔහු සිය උපන්…

Read More

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවම්

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මියට ආගමන විගමන නීති කඩකරමින් ව්‍යාජ විදෙස් ගමන් බලපත් දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තිබූ චෝදනා විභාග කර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් පැනවීය. මීට අමතරව රු.100,000 දඩයක් ද එය නොගෙවන්නේ නම් අමතර 6 මසක සිර දඬුවමක් ද අධිකරණය විසින් නියෝග කර ඇත.

Read More

විමල් හැර, ජනපති ඉවත් කරන්න පක්ෂ නායකයන් එකඟයි.

wimal-weerawansa-party-leaders-agree-to-remove-president

විමල් වීරවංශ හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ජනපති ඉවත් කරන්න තීන්දු කරයි. අද (20) දිනයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුවේ ඇතුලු සියලු පක්ෂ නායකයන් ජනාධිපචතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට ඇත. ඒ අනුව හෙට දිනයේ ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දීමට සියලු පක්ෂ නායකයන් තීරණය කොට තිබේ. කෙසේවෙතත් මෙම පක්ෂ නායක රැස්වීමේදී විමල් වීරවංශ පමණක් ජනාධිපතිවරයා ඉවත් කිරීමට එකඟතාව පළ කොට නැත. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට කතානායකවරයා පියවර ගෙන තිබිණ.

Read More

බැසිල් ඇමරිකා යන්න ලෑස්තිවෙයි!

Finance Minister Basil Rajapaksa is ready to flee to the United States

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක් සඳහා සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇතැයි ද එම සාකච්ඡා තුළ දී ද බැසිල් රාජපක්ෂ නිසා මතබේද හටගෙන ඇතැයි වාර්තා වෙන අතර පසුගිය 3 දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවන් තුළ දී බැසිල් රාජපක්ෂ සමග මහින්දානන්ද අලුත්ගමගේ දීර්ඝ වාදයක පැටලුන බවද එම ප්‍රකාශකයා පැවසීය. ඉතා ඉක්මන් මැතිවරණයක් අරමුණු කරගෙන අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවද එම ආණ්ඩුව තුළ කුඩා කැබිනට්…

Read More

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක්..!

A no-confidence motion against the government Sajith Premadasa Wimal Weerawansa

වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ විමල් වීරවංශ පාර්ශවය අතර සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද කරුණු වාර්තා වෙයි. එම සාකච්ඡා සාර්ථක උවහොත් ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත. දැනට තිබෙන ගනන් බැලීම අනුව ආණ්ඩුවට සිය බහුතර බලය අහිමිවීමට ලේසියෙන්ම ඉඩ ඇත. ආණ්ඩුව සතුව මේ වනවිට මන්ත්‍රීවරුන් 153 දෙනෙක් සිටින අතර සුළුපක්ෂ 11 සතුව මන්ත්‍රී ආසන 30ක් ඇත. මෙම මන්ත්‍රීවරුන් 30දෙනා…

Read More

බැසිල් රටින් පන්නා දැමිය යුතුද?

Basil Rajapaksa Political and economic crisis in Sri Lanka

මුදල් ඇමති බැසිල් රටින් පන්නා දාන්න ඕනි. මේ සටන් පාඨය ඉස්සුවේ විමල්. බැලූ බැල්මටම ඒක හරි ආශ්වාදනීය සටන් පාඨයක්. මේ සටන් පාඨයත් එක්ක තවත් කාරණාවක් ගැටගැහිලා තියනවා. ඒ ලංකාවේ දේශපාලනයේ රාජපක්ෂවරුන්ට තවත් අවස්ථාවක් තියෙයිද කියලයි. කවුරු හරි එහෙම ඇහුවොත් දැන් මේ රටේ අති බහුතරයක් ජනතාව කියන්නේ නෑ කියලා. හැබැයි ඒ ප්‍රශ්නය හරියට අහනවා නං අහන්න ඕනි එහෙම නෙවෙයි. මේ රටේ දේශපාලනයේ රාජපක්ෂලාට තවත් අවස්ථාවක් දෙන්න මේ රටේ ජනතාව ලෑස්තිද කියලයි. මොකද රාජපක්ෂලා මේක ගන්නේ දෙන හින්දනේ, නැතිව එයාලට බලෙන්ම ගන්න බෑනේ. ඒක නිසා රාජපක්ෂලා එලවීම හරි තියා ගැනීම හරි කරන්න…

Read More